Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජපානයේ අගොන්ශු නිකායේ නිර්මාතෘ හා මහානායක, කීර්ති ශ්‍රී සාමදූත සෙයිසු කිරියමා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 90 වන ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ (SLAFF) දූත පිරිසක් පසුගියදා ජපානයට ගියහ. SLAFF හි අධ්‍යක්‍ෂ ජනරාල් සෝමසිරි අද්දරපතිරණගේ මහතාගේ මෙහෙයීම මත මෙම දූත චාරිකාව සිදු කෙරිණි. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ලේඛකාධිකාරී, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ඕමාරේ කස්සප හිමි ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරාධිපති, උතුරු, නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන, බෝපිටියේ විජිත, කොට්ටාවේ පේමරතන, ඌරුමුත්තේ සුගතානන්ද, ගුලවිට සිරිනිවාස, මාකඳුරේ සිරිරතන, ලේල්වල සමිත, පරපාමුල්ලේ පියතිස්ස, ඌරුගමුවේ අස්සජී යන හිමිවරු ද, විශේෂ දේශනය සිදු කළ කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ, අගොන්ශු නිකායේ දකුණු ආසියානු කලාපීය උපදේශක සෝමසිරි අද්දරපතිරණගේ, සුනිමල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුලු දූත පිරිස සෙයිසු කිරියමා මහනාහිමි සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.