Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්තියට එ. ජා සංවිධානයෙන් විශේෂ සැසිවාරයක්

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විශේෂ සැසිවාරයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මේ තීරණය ගෙන ඇති අතර එම සැසිවාරය ලබන මැයි මාසයේ (16) දා සිට (21) දා තෙක් පැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හි නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කරයි. 2600 සම්බුද්ධත්ව ජයන්තිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදා තිබෙන අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.