Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම -
ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක විද්‍යාරවින්ද්‍ර පිරිවෙන් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ගැටිටෙපොල ශ්‍රී විමලරතන මහා නා හිමි.

ගිහි නම -
හේරත් මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා

වැඩවසන පන්සල -
ගම්පහ පහළගම විද්‍යාරවින්ද්‍ර පිරිවෙන් රාජමහා විහාරය

උපන්දිනය -
වර්ෂ 1910 ජනවාරි මස 01 වනදින (වයස අවුරුදු 102 යි)

පියා - හේරත් මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා

මව - යාපා අප්පුහාමිලාගේ බිසෝමැණිකේ

මූලික අධ්‍යාපනය - දොඩංවල පාසල

උසස් අධ්‍යාපනය -
ගම්පහ පහළගම විද්‍යාරවින්ද්‍ර පිරිවෙන. වර්ෂ 1930 දී විද්‍යොදය පිරිවෙන (රාජකීය පණ්ඩිත උපාධිය)

පැවිදිවීම -
වර්ෂ 1925 ඔක්තෝබර් 22 දින

උපාධ්‍යයන් වහන්සේ -
මිනුවන්ගොඩ රතනජෝති මහානාහිමි

ආචාර්යන් වහන්සේ -
කොස්වින්නේ ඥානවිමල හිමි බැන්ඩිය මුල්ලේ ධම්මරතන හිමි

උපසම්පදා දිනය -
වර්ෂ 1931 දී ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර සංඝ සභාවේ ගල්වාන අබතලේ උදකුක්ඛෙප සීමා මාලකය

මුද්‍රණය කර ඇති කෘති -
වර්ෂ 1948 දී ‘බුද්ධ ධර්මය’ කෘතිය පාසල් සිසුන් සඳහා.

වර්ෂ -
වර්ෂ 1938 දී ‘බුදුරදුන්ගේ අපල’ කෘතිය

විදේශ ධර්ම දූත සේවය -
ඉන්දියාව, එංගලන්තය

තනතුර -
ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර සංඝ සභාවේ උපාධ්‍යාය

පාලනය කරන පන්සල් -
අකරවිට අශෝකාරාමය, කිරිඳීවිට විවේකාරාමය, උඩුගම්පොල සුදර්මාරාමය, කෙළවර පිටිය, ශාන්ත්‍යාරාමය, කෝට්ටේගොඩ සිරිවර්ධනාරාමය, ගම්පහ පහළගම, විද්‍යාරවින්ද්‍ර පිරිවෙන් රාජමහා විහාරාධිපති.

දහම් පාසල් -
ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ආරම්භක ප්‍රධානාචාර්ය.

වෙනත් -
ගම්පහ පහළගම මරණාධාර සමිතියේ පැවිදි අනුශාසක, කොස්ඕවිට මරණාධාර සමිතියේ පැවිදි අනුශාසක, ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන පැවිදි අනුශාසක, කුලගණ සමිතියේ පැවිදි අනුශාසක, දායක සභාවේ පැවිදි අනුශාසක, විහාර කාර්යය සාධක සමිතියේ පැවිදි අනුශාසක, සමිති සමාගම් 27 ක පමණ පැවිදි අනුශාසක වශයෙන් කටයුතු කරති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.