Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විහාර මන්දිරය විවෘත කිරීම 29 වන දා

බණ්ඩාරගම වික්‍රමශිලා මහා පිරිවෙනේ අභිනව විහාර මන්දිරය 29 වන දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතින් විවෘත කෙරේ.

එදින එම විහාරස්ථානයේ දී පැවැත්වෙන උත්සව සභාවේ මුලසුන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය ඉත්තැපානේ ධම්මාලංකාර නාහිමියන් විසින් හොබවන අතර, බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මාදුළුවාවේ සෝභිත මාහිමි, ඇතුළු නායක ස්වාමීන්වහන්සේලා සහභාගිවීමට නියමිත අතර, විදුලි හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක , අපනයන භෝග ප්‍රවර්ධන, අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ යෞවන කටයුතු හා වෘත්තිය නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්වරු ප්‍රධාන කළුතර දිස්ත්‍රික් මැති ඇමැතිවරුන් රැසක් සහභාගිවීමට නියමිතය.

මෙම උත්සවයට අමතරව පිරිවෙනේ හා විහාරස්ථානයේ දායක සභාව හා ගුරු මණ්ඩලයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන පින්කම් මාලාවක් ද 29 වන දින සිට පෙබරවාරි 06 දා දක්වා විහාරස්ථාන යේදී පැවැත්වේ.

ඒ අතර 29, 30, 31 දිනයන් හි පිරිත් දේශනා පෙබරබාරි, 01 දා දේවදූත පෙරහර හා දොරකඩ අස්න අනුශාසනාව, 02 දා මල්පෙරහර 03 දා පාවාඩ පෙරහර 04 දා වීදි සංචාර පෙරහර 05 දා රන්දෝලි මහා පෙරහර හා 06 දා ගරා රාක්‍ෂ ශාන්ති කර්මයද පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.