Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුරැකිය යුතුවෙහෙරගල කන්ද පුරාණ රජ මහා විහාරය


ප්‍රතිසංස්කරණය කළ යුතු පිළිම වහන්සේ

කළුතර – යටදොළ ප්‍රධාන මාර්ගයේ පොතුවිල හන්දියෙන් හැරී ටික දුරක් ගමන් කළ පසු රමණීය ගල් තලාවක් මත පිහිටි ඓතිහාසික වෙහෙරගල කන්ද පුරාණ රජමහා විහාරයට ළඟා විය හැකිය.


චෛත්‍ය රාජයාණන් වහන්සේ

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මැතිවරණ කොට්ඨාසයට අයත් වෙහෙරගල කන්ද පුරාණ විහාරය බොදු සිත් පහන් කරන සෞන්දර්යාත්මක නිමැවුමකි. මුහුදු සීමාවට ආසන්නව එහෙත් මීටර් 499 ක් පමණ උස්වූ ප්‍රදේශයක ඉහළම ස්ථානයක පිහිටි මෙම පුරාණ විහාරය ඓතිහාසික වැදගත්කම් රැසක් සහිත ස්ථානයකි.

සද්ධාතිස්ස රජු හා නිශ්ශංක මල්ල රජු යුද්ධයෙන් පැරදී මෙම විහාර භූමියේ සැඟවී සිටි බවත් එකල්හි රජවරුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා මෙම විහාරය ඉදිවූ බවත් වංශකතාවල සඳහන් ය. එසේම රහතන් වහන්සේලා රැසක් මෙහි වැඩ සිටි බවට ද ජන ප්‍රවාදයේ කියැවෙයි. එකල්හි විසූ වෙහෙර නම් යෝධයකු විසින් ගල් තලාවක් මත මෙම විහාරය ඉදි කළ බැවින් මෙම ප්‍රදේශය වෙහෙරගල නම් වූ බවද සඳහන් ය.

සියලු විහාරාරංග වලින් සපිරි මෙම විහාරයේ අනුරාධපුර හා පොළොන්නරු යුගවල කළුගල් නිර්මාණ හා මහනුවර යුගයේ චිත්‍ර ද දැකිය හැකිය.

ඉනි කැපීම සඳහා කැලයට ගිය දායක මුත්තා නම් අයකු විසින් මෙම විහාරය සොයාගෙන ඇත. තුරුලතා ආදියෙන් සපිරි මෙම විහාර භූමිය ස්වභාව ධර්මයේ අපූර්වත්වය මැනවින් කියාපාන ස්ථානයකි. මෙහි භික්‍ෂූන් වහන්සේ බවුන් වැඩූ බවට ඉපැරණි ගල් ලෙන් හා පැරැණි පොකුණු සාක්‍ෂි දරයි.

ඉලිපැන්නගමුවේ හාමුදුරුවෝ මූලික කොට ගත් විහාරාධිපති හිමිවරුන් රැසක් මේ දක්වා මෙම විහාරය දියුණුව කරා රැගෙන ගොස් ඇත. ලාංකික බොදු ජනතාවගේ ගෞරවාදරයට පත්වන අයුරින් මෙම විහාරස්ථානය සංවර්ධනය කිරීමට වෙහෙරගල කන්ද විහාරාධිපති හිමි ඇතුළු දායක දායිකාවන් දරන පරිශ්‍රමය අගය කළ යුතුය.


පැරැණි තෙමහල් ධර්ම ශාලාව

පැරැණි විහාර මන්දිරය

නුවර යුගයට අයත් සිතුවමක්

 

 

 

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.