Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සීදුවේ සුමනවංස නා හිමියන් වෙත සන්නස් පත්‍ර ප්‍රදානය 25 වන දා

ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සීදුව රද්දොළුව අභිනවාරාමවාසී පණ්ඩිත සීදුවේ සුමනවංස හිමියන් වෙත අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව මඟින් පිරිනමන ලද ගෞරව නාමය සහිත නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මෙම 25 වන දා රද්දොළුව අභිනවාරාමයේ දී පැවැත්වේ.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට මැති ඇමැතිවරු ඇතුළු මහ නා හිමිවරුන් හා මහා සංඝරත්නය ද සහභාගී විමට නියමිත ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.