Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමුණුගොඩ සිරිපැරකුම්බා රජමහා විහාරයේ වාර්ෂික පින්කම

ගම්පහ – අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානයේ 59 වන වාර්ෂික පින්කම ජනවාරි 01 ආරම්භ කළ අතර මෙම 25 වන දා තිස් පැයහතේ පිරිත් දේශනාව ආරම්භ කෙරේ. 28 වන දා රාත්‍රී දොරකඩ අස්න සහ අනුශාසනා දේශනාව සිදු කෙරේ. මෙවර දොරකඩ අස්න සිදුකරන්නේ ගලහිටියාව මධ්‍ය මහා විදුහලේ ඉගෙනුම ලබන චමෝද් සඳරුවන් යාපා සිසු දරුවායි.

අනුශාසනා දේශනාව පවත්වන්නේ නාරන්ගොඩ පාළුව රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් විහාරාධිපති සීනාදී සිවුකෝරළයේ ද්විතීය සංඝනායක සිවුරළුමුල්ලේ සුමනරතන නාහිමිපාණන් වහන්සේය. එම පින්කම් මාලාව විහාරාධිපති සියනෑකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමුණුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.