Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය ජනවාරි මස 19 වෙනි දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පෝදා සිදුකෙරෙන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නියමය පරිදි කාරියකරවන කෝරාල කේ. එම්. සී කරුණාතිලක මහතා ප්‍රකාශ කර ඇත. එදින (19) උදේ 10.12 ට උතුර දිසාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි අලුත් සහලින් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධ පූජා මංගල්‍ය සිදුකෙරේ. ජනවාරි මස 07 වෙනි දින ශුභ නැකැත් වේලාවෙන් ගෙන එන අලුත් සහල් වී ජනවාරි 8 වනදා පෙරවරු 8.56 උතුර දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි ධාන්‍යාගාරවල තැන්පත් කිරිම පැරැණි චාරිත්‍රානුකූලව සිදු කැරිණි.

ශ්‍රී දළදා සමිඳු උදෙසා වසරේ පවත්වනු ලබන සතර මංගල්‍යයෙන් වසරේ මුල ආරම්භයේ සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍යය වසරේ පළමුවන මංගල්‍යවේ. කේ.බණ්ඩාරනායක


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.