Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් විවෘත රචනා තරගයක්

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා පවත්වන වැඩසටහන් මාලාව අතර ඉහත සඳහන් සමස්ත ලංකා ගද්‍ය - පද්‍ය ගායනා හා රචනා තරගාවලියට අමතරව 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමේ එක් ව්‍යාපෘතියක් වශයෙන් සමස්ත ලංකා විවෘත රචනා තරගාවලියක් පැවැත්වීමට කොළඹ තරුණ බෞද්ධ සංගමය තීරණය කර ඇත.

වචන 1000 කට නොඅඩු රචනා සිංහල/ඉංගී‍්‍රසි/ දෙමළ යන භාෂා තුනෙන්ම මෙම තරගාවලිය පැවැත්වීමට අදහස් කර ඇත. මෙම රචනා සඳහා නියමිත මාතෘකාව වශයෙන් යෝජනා කර ඇත්තේ සිංහල, ඉංගී‍්‍රසි, දෙමළ 2600 සම්බුද්ධත්ව ජයන්තියට බොදු පිළිවෙතින් පෙළ ගැසෙමු. Enrich ourselves with Buddhist for the 2600 anniversary of the Buddha’s Enligatment
 

යන මාතෘකා යෝජනා වී ඇත.

මෙම තරගාවලියේ ත්‍යාග වශයෙන් හොඳම රචනා තුන සඳහා

ප්‍රථම ස්ථානය රු. 15, 000/- දෙවන ස්ථානය රු. රු. 10, 000/-

තෙවන ස්ථානය රු. 7, 500/- වශයෙන් මුදල් ත්‍යාග ද ඊට අමතරව සහතික පත් සහ පොත් කට්ටල ද ප්‍රදානය කිරීමට යෝජනාවී ඇති අතර, කාණ්ඩ තුනටම වෙන් වෙන් වශයෙන් ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ. සියලුම රචනා සහ (නම, ලිපිනය, දුරකථන අංකය, උපන් දිනය අඩංගු) අයදුම්පතක් 2011.02.10 දිනට පෙර ගරු ලේකම්, කොළඹ තරුණ බෞද්ධ සංගමය, 70, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ 08 යන ලිපිනය එවන ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගමය ඉල්ලීමක් කරයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.