Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැට්ටපොල ශ්‍රී විමලරතන මහ නාහිමියන්ට දිගාසිරි පින්කම්

ස්‍යාමෝපාළිවංශික මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ගම්පහ පහලගම යටවත්තේ විද්‍යා රවින්ද්‍ර පිරිවෛන් රජ මහා විහාරාධිපතිගැට්ටපොල විමලරතන මහ නාහිමියන්ගේ 102 වන ජන්ම දිනය නිමිත්තෙන් දිගාසිරි පැතීමේ පින්කම් මාලාවක් ජනවාරි 7 වනදා ඇරැඹුනු අතර එය මෙම 23 වනදා දක්වා පැවැත්වේ.

එම පින්කම් මාලාව එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක පහලගම සෝමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

දිනපතා පස්වරු 6.30 ට බෝධිපූජා පින්කම්ද 7.30 – 8.30 දක්වා විශේෂ ධර්ම දේශනා මාලාවක්ද පැවැත්වේ.

ඒ අනුව මෙම 19 වනදා ආචාර්ය කොස්වත්තේ අරියවිමල හිමි 20 වනදා ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි 21 වනදා පොල්පිටිමූකලානේ පඤ්ඤාසීහ හිමි 22 වනදා පිටිගල ගුණරතන හිමි 23 වනදා ශාස්ත්‍රපති දොඩම්පහළ රාහුල හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.