Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පින්කම්

බැරගම ගල්විල පුරාණ රාජමහා විහාරය මාතර උයන්වත්ත මහින්දාරාමය යන විහාරයන්හි අධිපතිව වැඩසිට අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත බැරගම සෝභිත අධිකරණ නාහිමියන් හා කැලණිය වේවැල්දූව ශ්‍රී ඤාණවිමලරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ආචාර්ය උයන්වත්තේ ඤාණාලෝක ගම්පහ දිසාවේ අධිකරණ සංඝනායක හිමියන් ප්‍රධාන විහාර පරපුරේ අපවත් වී වදාළ සඟ පරපුරට හා සතර පේරුවේ මියගිය සියලු දෙනාට පින් පැමිණවීම හා 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් උයන්වත්ත මහින්දාරාමයේ දී මෙම මස 09 දින සිට 20 දින දක්වා ධර්ම දේශනා අටවිසි බුද්ධපූජා, බුද්ධ පූජා පැවැත්වීමට විහාරස්ථ දායක සභාව සංවිධානය කර ඇත.

කපුගම සුගතසාර, වටගෙදර රේවත, ඇහැලපේය තිරනක, කඩිතියංගල විනීත, බඹරැන්දේ ධම්මකුසල, හක්මණ ඤාණකුසල, හුලංදාවේ සෝරත, ඔබරැන්දේ වජිරනන්ද යන හිමිවරුන් ධර්ම දේශනා, කාව්‍යම ධර්ම දේශනාවන් පවත්වන අතර සූරියවැවේ සුසීල වල්පොල, කමලසීල ඕකන්දයායේ සෝභිත, කිරිවැල්දොල චන්දරතන , බැරගම අරියධම්ම, යන හිමිවරුන් අටවිසි පූජා, බුද්ධ පූජා පවත්වනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.