Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ කටයුතු පුනර්ජීවය කිරීමට ජාත්‍යන්තර සභාවක් පත් කෙරේ

ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු පුනර්ජීවය කිරීම සඳහා ජාත්‍යන්තර සභාවක් පත් කෙරේ. සභාපති ලෙස ප්‍රංශ බෞද්ධ සම්මේලනයේ සභාපති ආචාර්ය තම්පලාවෙල ධම්මරතන නාහිමි ලේකම් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් බෞද්ධ සංගමයේ සභාපති ගොඩතලානේ ගුණරතන නාහිමිවරුන් පත්කර සිටිති.

අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේ  (12 වන දා ) පැවැති දෙස් විදෙස් හිමිවරුන්ගේ හමුවේදී මේ සභාව පත්කර ඇත.

ශ්‍රී ලංකාවේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත්, ජාත්‍යන්තර බෞද්ධ කටයුතු පුනර්ජීවය සඳහා සැලැසුම් සකස් කිරීමත් මේ සභාවේ මූලික අරමුණ වේ.

මීට අමතරව විදේශ රාජ්‍යයන් හි බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා සැලැසුම් සකස් කිරීමේ කාර්යය ද මේ සභාවට පවරා තිබේ. මේ අවස්ථාවට ඉන්දිය මහා බෝධි සමාගමේ මහ ලේකම් දොඩම්ගොඩ රේවත නාහිමි, ජපානයේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පැල්පොළ විපස්සී නාහිමි, ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ මධ්‍යස්ථානයේ සභාපති කිරිඳීගල්ලේ ධම්මරතන නාහිමි බෝදාගම චන්දිම නා හිමිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ හ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.