Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පින්කම්

 

අතුරුවැල්ලේ අරියවංස නාහිමි ගුණ සමරුව

යගිරල සිරි නිවේසාරාමයේ වැඩ විසූ අතුරුවැල්ලේ අරියවංස නාහිමියන්ගේ දෙවර්ෂ පූර්ණ පින්කම් මාලාවේ සමාරම්භක අවස්ථාව ජනවාරි මස 17 වන දා සවස 5 ට පැවැත්වේ.


අමුණුගොඩ කුඩුමිරිසේ වාර්ෂික පින්කම්

ගම්පහ අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානයේ 59 වන වාර්ෂික මහා පින්කම ජනවාරි 01 වන දා ආරම්භ කැරුණු අතර 8 වන දා සිට 24 දක්වා ධර්ම දේශනාද 25 වනදා තිස්පැය හතේ පිරිත් දේශනාවද ආරම්භ කෙරේ. 28 රාත්‍රී දොරකඩ අස්නය සිදුකෙරේ. 29 වන දා රාත්‍රී දුරුතු මහා පෙරහර දේවාල පෙරහර සමගින් වීථි සංචාරය කිරීමට නියමිතය.


චන්ද්‍රා (ඉන්දු) පෙරේරා ගුරුමාතාව සමරා

විහාරස්ථාන සියයක පින්කම් මාලාවක්

රාජ්‍ය සම්මාන දිනූ විද්‍යා ලේඛක හා තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා ගේ ආදරණීය බිරිඳ චන්ද්‍රා (ඉන්දු) පෙරේරා මහත්මියගේ පළමුවන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් විහාරස්ථාන සියයක විශේෂ පින්කම් මාලාවක් දියත් කර ඇත. පසුගිය වසර දහයක කාලයක් අනුර /චන්ද්‍රා යුවල ජීවත් වූ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රධාන ලොව වටා විහාරස්ථාන රැසකත් සහ මෙරට විහාරස්ථාන සියයකත් ‘දුරුතු පොහොය දිනය’ අලලා එම විශේෂ පින්කම් මාලාව කැරේ.


කුරුන්දන්කුලම මිහිඳු ආරණ්‍යයේ දී පින්කම් මාලාවක්

උදාවන 2600 බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහා පුණ්‍යෙීත්සවයක් ජනවාරි මස 22 දින දවස පුරා අනුරාධපුර කුරුන්දන්කුලම මිහිඳු ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්වේ.

මිහිඳු ආරණ්‍ය සේනාසනාධිපති ගල්පාත සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලය සෝමානන්ද හිමියන් විසින් එම උළෙල සංවිධානය කරනු ලැබේ. ඒ අනුව එදින අලුයම 03.00 කිරිමව්වරුන් සියයක් වෙත (100) දානය පිරිනැමීමෙන් උත්සවය ආරම්භ කැරේ.

පෙරවරු 08.00 ට ධර්මානුශාසනාව ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් පවත්වන අතර පෙරවරු 09.30 ට ගැබිණි මව්වරුන් සිය (100) දෙනෙකුට පෝෂ්‍යදායී පලතුරු පිරිනැමීම සිදුවේ.

පෙරවරු 10.00 ආරණ්‍යවාසී හිමිවරුන් පනස් (50) නමක් වෙනුවෙන් තායිපාත්‍ර පූජාව පැවැත්වේ.

පස්වරු 2.00 ට කාව්‍යමය ධර්මානුශාසනාව මානකඳුරේ පඤ්ඤාසාර හිමියන් විසින් පවත්වනු ලැබේ.

පස්වරු 04.30 දහසක් භික්‍ෂූන් වහන්සේ වැඩම කරවනු ලබන ආශිර්වාද පෙරහර ද පස්වරු 05.30 ට අෂ්ඨපාන ගිලන්පස පූජාව හා අෂ්ඨ පරිස්කාර පූජාව පැවැත්වේ.

පස්වරු 06.00 ට පාතකඩ සුමනතිස්ස හිමියන් විසින් පවත්වන අධිෂ්ඨාන පහන් පූජාව පැවැත්වෙන අතර පස්වරු 06.30 ට විශේෂ අනුශාසනා දේශනය මිහිඳු ආරණ්‍ය සේනාසනාධිපති ගල්පාත සුමන නා හිමියන් විසින් පැවැත්වේ.

අනතුරුව දහසක් භික්‍ෂූන් වහන්සේ විෂයෙහි සිදු කරනු ලබන අෂ්ඨපරිස්කාර පූජාව සහ ජය පිරිත් දේශනාව පැවැත්වීමෙන් එම මහා පුණ්‍යෝත්සවය නිමා කැරේ.

මෙයට සමගාමීව මොරටුව රත්මලාන සිංහ සමාජය මගින් මෙහෙයවනු ලබන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන වෛද්‍ය සායනයක් දවස පුරා ආරණ්‍ය පරිශ්‍රමයේ දී පැවැත්වෙන බව සංවිධායක මිහින්තලය සෝමානන්ද හිමියෝ පැවසූහ. මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ප්‍රධාන ගිහි පැවිදි විද්වතුන් පිරිසක් සහභාගි වනු ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.