Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමුණුගොඩ කුඩුමිරිසේ වාර්ෂික පින්කම්

ගම්පහ-අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානයේ 59 වන වාර්ෂික මහා පින්කම ජනවාරි 01 වන දා ආරම්භ කැරුණු අතර එය මෙම 7 වන දා දක්වා අසූමහා ශ්‍රාවක පූජා ද, 8 වන දා සිට 24 දක්වා ධර්ම දේශනාද 25 වනදා තිස්පැය හතේ පිරිත් දේශනාවද ආරම්භ කෙරේ. 28 රාත්‍රී දොරකඩ අස්නය සිදුකෙරේ.

29 වන දා රාත්‍රී දුරුතු මහා පෙරහර දේවාල පෙරහර සමගින් වීථි සංචාරය කිරීමට නියමිතයි. මෙම පින්කම් මාලාව විහාරාධිපති සියනෑකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමුණුගොඩ ශ්‍රී සෝමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී පරකන්දෙනියේ ධීරානන්ද හිමියන් විසින් මෙහෙවනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.