Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සල්ගල සේනාසනයට භාවනා කුටියක් පූජා කෙරේ

ඓතිහාසික සල්ගල සේනාසනය කොළඹ නුවරපාරේ වරකාපොළින් අඟුරුවැල්ල පාරේ ගලපිටමඩට ගොස් එතැනින් තවත් කිලෝමීටර් 4 ක් පමණ ගිය තැන හමුවන කාගේත් සිත් පහන් කරන හරිතවන උයනකි.


නේවාසික හිමිවරුන් දානය සඳහා වැඩම කරන අයුරු

කලක් වළගම්බා රජතුමා ආරක්‍ෂාව පතා නැවතී සිටිතැයි කියන ඓතිහාසික සාක්ෂි සහිතව අක්කර 600 ක පමණ භූමිභාගයක පැතිරී තිබෙන මෙම ස්ථානය ලංකාවේ පැරණිතම හෝ පළමුවන සේනාසනය බවට එහි ඇති සලකුණු හෙළිදරව්කරයි.


ඩී.සී. ගනේගොඩ පරිත්‍යාගශීලි සමිතියේ ලේකම්වරයා ඇතුළු සාමාජික පිරිස

එහි රජතුමාට පරසතුරු උවදුරකදී වුවද ආරක්‍ෂක ස්ථානයක් කරා යා හැකි පරිදි සැතපුම් 4 ක් පමණ දිගට විහිදුනු උමං මාර්ගයක් අදත් පවතී. තවද සතුරු ආක්‍රමණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ස්වභාවිකව පිහිටා ඇති බැලුම් ගලද ඇතා බැඳි ස්ථානය ඇතා බැදි ලෙන ලෙසද දැනටත් දැකගන්නට ලැබේ. හරිත වනාන්තරය තුළ ඇති වට හැටේ (60) ගස මෙහි ඇති පෞරාණික බව කියාපාන තවත් සාක්ෂියකි. බවුන් වඩන හිමියන් උදෙසා ස්වාභාවික ලෙස ඉදිවී තිබෙන නිහඬ පරිසරය එහි යන ඕනෑම කෙනෙකුගේ සැදැහැති සිත් පහන් කිරීමට සමත් වෙයි. ඒ භූ®මියේ ශේෂවී ඇති සිද්ධස්ථානය එහි යන ඕනෑම කෙනෙකුට බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කරලීමට සමත් වෙයි.

හැදල දමිත හිමියන්ගේ අධිපතිත්වයෙන් හා කුඹුක්කඩවල සුජාත හිමියන් ඇතුළු භාවනානුයෝගී හිමිවරුන් 14 නමක් පමණ වැඩ හිඳින මෙම සෙනසුණේ අභ්‍යන්තරයට ගිය කල හමුවන භාවනා කුටි රැසක් ද වෙයි.

මෙම භාවනා කුටි අතරට පසුගියදා හෙයියන්තුඩුව ඩී.සී. ගණේගොඩ පරිත්‍යාගශීලි සමිතිය මගින් එහි ලේකම් ජී.ඒ.ජී. ජයසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් තවත් භාවනා කුටියක් සදා නිමකර දීමට සමත් වී ඇත. සියලු පහසුකම් සහිතව ඉදිකර ඇති මෙම කුටිය හිමිවරුන්ගේ මහත් ප්‍රසාදයට ලක්විය.


භාවනා කුටිය පූජා කළ අවස්ථාව

2007 වසරේ සිට මේ වනතෙක් ලේ දන්දීම්, විවිධ පරිත්‍යාග කිරීම් ඇතුළු විවිධ පුන්‍ය කර්ම රාශියක් කරගෙන ආ ඩී.සී.ගනේගොඩ පරිත්‍යාගශීලි සමිතියේ නව අදහසකට අනුව එය සිදු කළ බව එහි ලෙක්ම්වරයා පවසයි.

දැනට සල්ගල සේනාසනයේ පවතින ස්වාභාවික කුටිවලට වඩා වෙනස් ආකාරයට ස්වභාවික ගල් පර්වතය උපයෝගී කර ගනිමින් කර ඇති නිර්මාණාත්මක බව සිත් ගන්නා සුළුය. පසුගියදා මෙම කුටිය දානමය පුන්‍යකර්මයක්ද සිදු කරමින් සංඝයා වහන්සේ උදෙසා පූජා කරන ලදී. වැලි උපයෝගී කර නොගෙන ගල් සිමෙන්ති යකඩ හා කළු ගල්කුඩු පමණක් උපයෝගී කරගෙන නිම කිරීම මෙහි ඇති විශේෂත්වයයි.

 

 

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.