UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

37 වන කොටස

ලෝක වග්ගය

167 හීනං ධම්මංන සේව්‍යෙය – පමාදෙන න සංවසෙ
මිච්ජා දිට්ඨිං න සෙවෙය්‍ය - න සියා ලෝක වට්ඩනෝ

වැරැදි අවබෝධයෙන්, කාමයෙන් පමාවෙන්, සසර මඟ දික් කෙරෙන, පව් සිදු කෙරෙන්නේ...ය...

හිතවතුනි, තුන් දොරින්, සුසංවර විය යුතු ය. ඒ අනුව ටිකෙන් ටික වැරැදි අඩු වන්නේ...ය....

168 උත්තිට්ඨෙ නප්පමජ්ජ්‍යෙය – ධම්මං සුචරීතං චරෙ
ධම්මචාරී සුඛං සෙති – අස්මිං ලොකෙ පරම්හි ච

අනලස්ව නොපමාව - සුචරිතෙහි හැසිරෙමින්, දැහැමි සේ වෙසෙන්නා දෙලොව ම දිනන්නේ....ය....

හිතවතුනි, අලස නැති, පුරෝගාමී කෙනෙක්, දෙලොව හැම තැනකදීම නිතරම දිනන්නේ...ය....

169 ධම්මං චරෙ සුචරිතං - න නං දුච්චරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති – අස්මිං ලොකෙ පරම්හි ච

දුචරිතෙහි නොහැසිරී, සුචරිතෙහි හැසිරෙන්න. සුචරිතෙහි යෙදන්නා, දෙලොවෙහිම සැප ලබයි.

හිතවතුනි, දැහැමි ලෙස, ජීවිතය ගෙවන්නා කිසි දිනෙක කිසි විටෙක දුකක් නොවිඳින්නේ ය.

170 යථා බුබ්බුලකං පස්සෙ - යථා පස්සෙ මරිචිකං
ඒවං ලොකං අවෙක්ඛන්තං - මච්චු රාජා න පස්සති

බිඳෙන බුබුලක් ලෙසින්, සහ මිරිඟුවක් ලෙසින්, ලොව දකින තැණැත්තා, මරුට නොපෙනෙන්නේ....ය....

හිතවතුනි, අනිස ලෙස, ලොව දකින තැණැත්තා, සංවරව ඉන්නේය. විපතින් මිදෙන්නේ.....ය....

171 ඒථ පස්සථි මං ලොකං - චිත්තං රාජ රථුපමං
යත්ථ බාලා විසීදන්ති – නත්ථි සංගෝ විජනතං

මෙලොව හරි විසිතුරු ය- රාජ රථයක් වැන්න - මෝඩයෝ මුලාවෙති, නැණැත්තෝ නොරැවටෙති.

හිතවතුනි, ලෝකයේ, ඇත්ත ඇති සැටි දකින, තැණැත්තා හැම විටම, සැනසුමින් දිවි ගෙවයි.

මතු සම්බන්ධයි

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]