UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ රජමහා විහාර මංගල උපෝසථාගාරයේ දී කුලදරුවන් විසිපස් දෙනකු පැවිදි බිමට පත් කිරීමේ පින්කමක් පැවැත්විණි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් එම පැවිදි කිරීමේ පින්කම සිදු කැරුණු අතර එම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමි, මාදිවෙල චන්දවිමල නා හිමි මාදුළුවාවේ සෝභිත හිමි කරන්නාගොඩ අමරවංශ නාහිමි, අලුත්නුවර අනුරුද්ධ නාහිමි ඇතුළු සම්භාවනීය මහ සඟරුවනද බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ. එහිදී බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් විසින් දරුවකු පැවිදි බිමට පත් කළ අවස්ථාව.


කුරුණෑගල, රිදීගම රම්බොඩගල්ලේ ශෛලමය බුදුපිළිම වහන්සේගේ වැඩකටයුතු සොයා බැලීමට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එහි ගිය අවස්ථාව විහාරාධිපති එගොඩමුල්ලේ අමරමෝලි මහ නා හිමියන් විසින් පිළිම වහන්සේ පිළිබඳ විස්තර කළ අයුරු.
ඡායාරූපය - සුදත් මලවීර

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]