UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බදුල්ල දිස්ත්‍රික්කයෙහි බ/කොස්ගම විද්‍යාලයෙහි සේවය කරන ඒ.එම්.එච්. ප්‍රේමදාස මහතා වකුගඩු ආබාධයට ලක්ව කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 41 හි ප්‍රතිකාර ලබමින් සිටී. හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන ලෙස වෛද්‍යවරු උපදෙස් දී ඇතැයි ද කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් හැකි ඉක්මනින් පහත දුරකතන අංකයට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ. 071 8205482, 011 2517333, 071 5332029 එම දුරකතන අංක වේ.


අඟුළුගහ – කහඳ මහවත්ත “චන්ද්‍රානි” ලිපිනයේ පදිංචි වයි.කේ. ටිරෝෂන් ශිවන්ත මහතා (26) වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් ඔහු සුවපත් කිරීමට වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙසත් එය බද්ධ කරගැනීම සඳහා විශාල මුදලක් වැය වන හෙයින් ඊට පිහිටක් වන ලෙසත් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කැරේ.

කරාපිටිය රෝහලෙන් මාලිගාවත්ත වකුගඩු රෝහලට මාරුකළ මොහුගේ ලේ වර්ගය “බී පොසිටිව්” වේ.

ජීවත්වීමට පවා මඟක් නැතිව අසරණව සිටින ඔහු වෙනුවෙන් ඉමදූව - මහජන බැංකු ශාඛාවේ විවෘත කර ඇති ගිණුම් අංකය 472070288988 වේ. ඔහුගේ ජීවිතය බේරාගන්නට වකුගඩුවක් පරිත්‍යාග කරන්නකු හෝ මුදල් පරිත්‍යාගයක් කරන්නෙකුගේ ප්‍රයෝජනය සඳහා ඔහුගේ දෙමාපියෝ අංක 091 – 52 86942 ලබාදෙයි.

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]