UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

 සඳලංකාව හෙන්ඩියාගල පදිංචි එස්.ජයවීර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය ආර්.ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පුද්ලයකු වේ නම් පහත දුරකතන අංකයකට අමතන්නැයි 031 – 3718690/077 2171696 ඉල්ලීමක් කෙරේ.


 අතුරුගිරියේ වල්ගම, 447/8 නිවසේ පදිංචි, මාලඹේ පිරිමි ආදර්ශ විද්‍යාලයේ ගුරුවරයකු වන ඊ ජයතිලක මහතා දරුණු වකුගඩු ආබාධයකින් පසුවන බව කියයි. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතාගේ නිර්දේශය මත “බී” වර්ගයේ හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව පවසා ඇත. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙක් සිටී නම් 011 2760282 හෝ 071 6662141 ට අමතන ලෙස ඉල්ලීමක් කැරේ.


 බත්තරමුල්ලේ, කොස්වත්ත පදිංචි තිදරු මවක් වන එච්.ආර්.එස්. අල්විස් මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙක් සිටීනම් පහත සඳහන් දුරකතන අංක අමතන මෙන් ඉල්ලීමක් කැරේ. දුරකතන අංක 011 2791298, 072 9819016, 0777 239133 වේ.


අත්තනගල්ල වරාගොඩ අංක 44 නිවසේ පදිංචි එච්.පී. ගුණතිලක මහතාගේ වකුගඩු දෙකම අක්‍රියවීම නිසා ඔහුට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ මහ රෝහලේ ශල්‍ය විශේෂඥවරු පවසති.

කුඩා දියණියන් තිදෙනෙකුගේ පියකු වන ගුණතිලක මහතාගේ් ජීවිතය බේරා ගැනීමට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියකුගෙන් බලාපොරොත්තු වේ. ඒ සඳහා ඉදිරිපත් වන අයකු දුරකතන අංක 0775544109 දන්වන ලෙස ඉල්ලා සිටී. අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල සෙයා ගැනීමට මහජන ආධාර අපේක්ෂා කරයි. මහජන ආධාර නිට්ටඹුව මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 278200182422773 ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කැරේ.

 


කෝන්ගහමුල වත්ත මුරුතැගෙහි ලිපිනයෙහි පදිංචි කේ.ඩී. විමලදාස මහතාගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇතිබව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛ්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති.

තිදරු පියෙකු වන ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වේ නම් ඉහත ලිපිනයට හෝ 0375680822 හෝ 0728168752 දුරකතන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

 


කලටුවාව නුගදන්ඩ 330 බී ලිපිනයේ පදිංචි එම්. සඳුන් වීරවංශ නමැති දරුවා වකුගඩු ආබාධයකින් පෙළෙන අතර දැනට පේරාදෙණිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඔහුට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍ය ආසිරි අබේගුණවර්ධන මහතා නිර්දේශ කර ඇත්තේ ඉතා ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා වකුගඩුවක් දන්දීමට කැමැති ස්වාමීන් වහන්සේ නමක් සිටීනම් පහත දුරකතන අංක වලට අමතන මෙන් දරුවාගේ පියා වන එච්. ජයන්ත වීරවංශ ඉල්ලීමක් කරයි. 071 3063995, 071 7364087 දුරකතන අංක වේ.


දකුණු කම්මල වයික්කාල පදිංචි ඩබ්.ටෙලස්පර් තිසේරා මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා පරීක්‍ෂා කිරීමෙන් සහතික කරගෙන ඇත. එබැවින් ඉතා ඉක්මනින් ඔහුට වකුගඩුවක් ලබාදීම වෛද්‍යතුමාගේ නිර්දේශය වී ඇත.

සුරා සූදුවෙන් තොරව ජීවත් වූ එම මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට හෝ ලබා ගැනීමට සහයෝගය දීමට කැමති අය මෙම 077 – 9942089, 031 – 5672191 අංක අමතන මෙන් ඉල්ලීමක් කැරේ. තවද ඔහුගේ වකුගඩු බද්ධ කිරීම හා ඉන්පසු ඇති සියලු වියදම පියවා ගැනීම සඳහා පහත බැංකු ගිණුම්වලට ආධාර උපකාර කළ හැකි බවද කියයි. වෙන්නප්පුව බෝලවත්ත මහජන බැංකුව, ගිණුම් අංකය – 076 – 2 – 001 – 5 – 8157488 වේ.

උඳුවප් පුර පසළොස්වක

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා සඳුදා අපර භාග 02.48 ට ලබයි.
21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය.
මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]