UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෝමාගම අධ්‍යාපන කලාපයේ දිනපතා සෙත් පිරිත්

හෝමාගම අධ්‍යාපන කලාපයේ සෑම පාසලකම එදිනෙදා වැඩ ඇරඹීමට පෙර පාසල් පැවැත්වීමට නියමිත දිනයන්හි උදේ 7 සිට 07.30 දක්වා සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීමට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පාලිත වීරසූරිය මහතා ප්‍රදේශයේ සියලුම පාසල්වලට දන්වා ඇත.

එළඹෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උළෙල නිමිත්තෙන් හා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ දෙවැනි පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් එතුමන්ටත් රටටත් සෙත් පැතීම සඳහා එම වැඩ පිළිවෙළ ආරම්භ කර ඇති බවත් වීරසූරිය මහතා කියයි. තමන්ගේ අදහසක් ඇතිව නිෂ්පාදනය කර ඇති කැසට් පටයක් පළාතේ හැම පාසලකටම යවා ඉකුත් මස 19 වැනි දා සිට මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක බවත් 2011 වසර පුරාම එම පාසල්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත් එම අධ්‍යක්‍ෂවරයා කීය.

පාසල් සිසුන්ට තුන් සූත්‍රය කට පාඩම් කර පිරිත් දෙසුමට දක්‍ෂ පිරිත් කණ්ඩායමක් හැම පාසලකින්ම ඇති කිරීම සිසුන් තම ගමේ පන්සලේ ආගමික වතාවත් සඳහා හුරු කිරීම බෞද්ධ පොත් පත් ප්‍රදර්ශනයක් පැවැත්වීම ආදී සත් කාර්යයන් මේ වැඩසටහනින් අධ්‍යක්‍ෂවරයා බලාපොරොත්තු වෙයි.

උඳුවප් පුර පසළොස්වක

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා සඳුදා අපර භාග 02.48 ට ලබයි.
21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය.
මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]