Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පාසල් හා ග්‍රාමසංවර්ධන සේවයෙන්  උපහාර ලබන හඟුරන්කෙත සද්ධානන්ද හිමි

තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය, බුටාවත්ත පුරාණ විහාරය යන, උභය විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී ධර්ම ලෝකාර්ථචාරී වෛශාරද්‍ය, පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ශ්‍රී රතන ජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්ය හඟුරන්කෙත සද්ධානන්ද හිමියන් විසින් සිදුකර ඇති ආගමික, ජාතික සාමාජික හා විශේෂයෙන් දශක තුනක දහම් පාසල් අධ්‍යාපනික ධර්ම සේවය අගයමින්, උන්වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමේ හා සමාජ සත්කාරය ඇගයීමේ ආගමික වැඩසටහනක් දෙසැම්බර් 20 සිට 22 දක්වා පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ දී පැවැත්වේ. දෙසැම්බර් 22 වෙනි දිනට පනස්හත්වන වියට පාතබන සද්ධානන්ද හිමිපාණන්ට දිඝාසිරි පතන ආගමික වැඩසටහන් මාලාවට සමගාමීව මෙම සමාජ සත්කාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.