UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 36 වන කොටස

162 යස්ස අච්චන්ත දුස්සීල්‍යං - මාලුවා සාලමිවෝතතං
කරොති සො තථත්තානං -යථා නං ඉච්ඡති දිසෝ

“ මාලුවා “ වැල එතුණු සල් ගස ද ඇද වැටෙයි – පව්කාර සිතිවිල්ල –ජීවිතය නැති කරයි...

හිතවතුනි, තමාගේ අයහපත් සිතිවිල්ල තමාට ම අයහපත ළඟා කර දෙන්නේය.

163. සුකරානි අසාධුනි – අත්තනො අභිතානි ච
යං වේ හිතඤ්ච සාධූඤ්ච – තං වේ පරම දූක්කරං

අයහපත පිණිස වන –දේ ඉතා පහසු වේ – යහපතට හේතු වන - දේ ඉතා අපහසුය.

හිතවතුනි, පාපයක් – පහසුවෙන් කළ හැකිය – පිනක් කර ගැනීමට ඒ තරම් පහසු නැත.

164. යො සාසනං අරහතං - අරියානං ධම්ම ජීවිනං
පටික්කෝසති දුම්මේධො - දිට්ඨිං නිස්සාය පාපිකං
එලානි කට්ඨකස්සේ ව -අත්ත ඝඤ්ඤාය එල්ලති

අනුවණින් රහතුන්ට - චෝදනා කරන්නා - තමන්ගේ විනාශය - ළඟා කර ගන්නේ ය.

හිතවතුනි, පව්කාර –අධම සිතිවිලි නිසා ජීවිතය ටිකෙන් ටික අඳුරටම යන්නේ ය.

165. අත්තනා ව කතං පාපං - අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං - පාපං අත්තනා ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චතං නාඤ්ඤමඤෙඤ‍්‍ර විසෝධයේ

තුන් දොරින් ඉටු කරන - හොඳ නරක දේ අනුව -ජීවිතය අපිරිසුදු - සුපිරිසුදු වන්නේ ය.

හිතවතුනි, ජීවිතය පාලනය කරන්නේ වෙනත් කිසිවකු නොවේ තමාමය, තමාමය.

166. අත්ථ දත්ථං පරත්ථෙන – බහුනාපි න හාපයෙ
අත්ථදත්ථමභිඤ්ඤාය –සදත්ථ පසුතො සියා ති

අනුන්ගේ යහපත ද - සලස්වන අතරතුර රහත් බව ලබන්නට වෙහෙස විය යුත්තේ ය.

හිතවතුනි, අනුන්ටත්, තමන්ටත් යහපතක් කෙරෙන සේ ජීවිතය සමබරව ගෙන යන්න.

මතු සම්බන්ධයි

උදුවප් පුර අටවක පෝය

උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා සඳුදා පූර්වභාග 06.12 ට ලබයි.
14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය.
මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]