UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මාලඹේ පදිංචි රොහාන් වානගුරු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඒ මහතාට වෛද්‍ය ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එම වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලීයකු වේ නම් ඒ 0774412102/0773594946 යන දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


මහියංගනය මැදයාය කෝංගස් හන්දියේ නො.123/1 දරන ලිපිනයේ පදිංචි එම්.ඩී.බන්දුලතා විජේසිංහ මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහනුවර මහරෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන බන්දුලතා මහත්මිය තම සැත්කමට ආධාර කළ හැකි පින්වතුන් වෙතොත් මහියංගන ශාඛාවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ එම්.ඩී.බී. විජේසිංහ නමින් ඇති 1 – 0041 – 88 – 2033- 3 දරන ගිණුමට මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටී.


නො. 466/2, වැව පාර, තලංගම දකුණ පදිංචි 56 හැවිරිදි ටී.ඩබ්. අල්මේදා මහතාගේ වකුගඩු ක්‍රියාවිරහිත වී ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ, වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා විසින් නිර්දේශ කර ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලී අයෙකු සිටීනම් 0772 364 202, 0718 672 391, 0112 785966 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


පොළොන්නරුව ජයන්තිපුර පදිංචි ජේ.අයි.පී. ධනපාල මහතාගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බැවින් ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඒ සඳහා “ඒ, බී පොසිටිව්, ඕ පොසිටිව්, ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වෙතොත් 027 3273109 ඉතා ඉක්මනින් දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ.


යක්කල , දිමුතු මාවතේ, පදිංචි විජය ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එබැවින් ඔහුට බද්ධ කිරීමට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදෙන්නැයි ඔහු පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටී.

එසේ වකුගඩුවක් දන්දිය හැකි පරිත්‍යාගශීලියකුවේ නම් 033 – 2228045 හෝ 0714444228 යන දුරකථන අංක දෙකෙන් එකක් අමතන ලෙස විජය ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටී.

උදුවප් පුර අටවක පෝය

උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා සඳුදා පූර්වභාග 06.12 ට ලබයි.
14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය.
මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]