Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර බෝධි පරිශ්‍රයේ දී පින්කම් මාලාවක්

මාතර බෝසත් පාරමී සංවිධානය මගින් මාතර ඓතිහාසික බෝධි රාජයාණන් වහන්සේ අභියසදී මෙම 27 හා 28 යන දිනවලදී පින්කම්මාලාවක් පැවැත්වේ.

ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාය¸ මහා කම්මට්ඨානාචාය¸ නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ සහ ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ජනක චන්දන මහතා, මාතර බෝසත් පාරමී සංවිධානය සහ තවත් බොහෝ දෙනාගේ උපකාරයෙන් එම පින්කම් මාලාව සිදු කැරේ.

අසූ හාරදහසක් පහන් හා ලක්‍ෂයක නෙළුම් මල් පූජාව ද දහස් සංඛ්‍යාත බැතිමතුන් පෙහෙවස් සමාදම් කරවීම අටපිරිකර ඇතුළු සෙසු පිරිකර සමූහයක් සඟසතු කිරීම 27 වෙනි දින අළුයම 5.30 සිට 28 දින අළුයම 5.00 දක්වා සිදු කෙරෙන ධර්‍ම දේශනා මාලාව සහ මහ සඟ රුවන උදෙසා දානය පිරිනැමීමේ පින්කම ඊට අයත් වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.