Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණු කතරගම මහා දේවාලයේ ඉල් පෙරහර පෝදා

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර (21 දින) ඉල් පෝදා රාත්‍රි පැවැත්වේ. උඩරට පහත රට මෙන්ම රුහුණු ප්‍රදේශයට ආවේණික මොණර ‘සිංහ’ හනුමන්තා භක්ති කාවාඩි නැටුම් වලින්ද අලි ඇතුන්ගෙන් ද යුතුව පෞරාණික චාරිත්‍රවලට මුල්තැනක් දෙමින් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත. කතරගම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා කතරගම පොලිසිය ඉල් මහා පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු සංවිධානය කර ඇත. ඊ.එච්.සෝමපාල කතරගම විශේෂ


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.