Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍ය පෙරහර ඉල් පෝදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍ය පෙරහර ඉල්පුර පසළොස්වක පෝය දින පැවැත්වේ. රටේ අනාගත සෞභාග්‍ය සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරමින් පවත්වන මෙම කාර්තික මංගල්‍ය නිමිත්තෙන් එදින (21) දල්වනු ලබන පහන් සඳහා තෙල් බෙදාදීම 20 වනදා සවස නාථ දේවාල භූමියේදී සිදුකෙරේ. ඉල් පෝදා සියලු විහාර, පන්සල් දේවාල හා නිවාසයන්හි පහන් දැල්වීම මෙදින සවස සිදුකෙරේ. කාර්තික මංගල්‍ය පෙරහර ඉල් පෝදා සවස ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ ගමන් කෙරේ. ශ්‍රී දළදා සමිදු උදෙසා වසරේ පවත්වනු ලබන සිව් මංගල්‍යවලින් එකක් වන කාර්තික මංගල්‍යය වසරේ අග භාගයේ ඉල් පෝදා චාරිත්‍රානුකූලව සිදුකරගෙන එනු ලබන චාරිත්‍රයකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.