Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙත් බෝසත් විවරණ පූජා පෙරහර ඉල් පෝදා බෙල්ලන්තරදී

මෙත් බෝසත් විවරණ පූජා මහ පෙරහර මෙම 21 වන දා රාත්‍රී 7 ට දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ දී ආරම්භ කැරේ.

මෙත් බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගත් අසිරිමත් සිද්ධිය සිහිපත් කරමින් එම මෙත් බෝසත් විවරණ පූජා පෙරහර පැවැත්වේ. එම අසිරිමත් සංසිද්ධිය සිහිපත් කරමින් සිරි සදහම් ආශ්‍රමයේ අභිනව විහාර මන්දිරය ද මෙම ඉල් පෝදා විවෘත කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි පිටිදූවේ සිරිධම්ම හිමියෝ පැවැසූහ. එම මෙත් බෝසත් විවරණ පූජා පෙරහරේ දී ස්වර්ණ ප්‍රතිමා වහන්සේ ද වීදි සංචාරය කරවීමට අපේක්‍ෂා කරන බවද සිරිධම්ම හිමියෝ පැවැසූහ. මෙත් බෝසත් විවරණ පූජා පෙරහර සඳහා අලි ඇතුන් සහ විවිධ සංස්කෘතිකාංග ඇතුළත්ව රජයේ අනුග්‍රහය හා ස්වේච්ඡා සංවිධාන වල ද අනුග්‍රහය ඇතිව එම පෙරහර පැවැත්වෙන බවද උන්වහන්සේ පැවැසූහ. එම මෙත් බෝසත් විවරණ පූජා පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන් සුදුවතින් සැරසී පැමිණෙන ලෙසට ද උන්වහන්සේ ඉල්ලීමක් කරති. 20 වන දා පෙරවරුවේ වාර්ෂික කඨින චීවර පූජාව සහ සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වේ. 20 වන දා රාත්‍රී 7 ට මංගල මහා අභිෂේක පූජාවද 21 වන දා උදෑසන 05.30 සිට සීල සමාදාන පින්කමද 20 හා 21 යන දෙදින රාත්‍රී පුරා පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ. 22 වන දා උදෑසන 5 ට මංගල මහා අභිෂේක පූජාව සහ කිරි අම්මාවරු 108 දෙනෙක් වෙත දානය පිරි නැමේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.