UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 33 කොටස

බණ්ඩාර මඩුගල්ලේ

ජරා වග්ගය

146 කෝ නු හාසෝ කිමානන්දෝ - නිච්චං පජ්ජලිතේ සති.
අන්ධකාරෙන ඕනද්ධා - පදිපං න ගවෙස්සථ

අපේ මේ ජීවිතය, දුක්වලින් පිරී ඇත. මෝඩකම නමින් වූ අඳුරක් ද එහි තිබේ.

හිතවතුනි, ජීවිතය බබළවනු කැමැති නම් ටිකෙන් ටික තම නුවණ දියුණු කළ යුත්තේ..ය...

147 පස්ස චිත්තකතං බිම්බං - අරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං - යස්ස නත්ථි ධුවං ඨිති.

මස් ගොඩෙන් වැසී ගත්, ඇට සැකිල්ලක් ම මිස අපේ මේ සිරුර තුළ මහඟු දේ නැත්තේ...ය...

හිතවතුනි, කිසිදෙයක ඇතුළ පිට නොවිමසා, කිසි විටෙක එය අගය නොකළ යුතු වන්නේ...ය..

148 පරිජිණ්ණමිදං රූපං - රෝග නිඩ්ඪං පභංගුරං,
භීජ්ජති පූතිසන්දේහො - මරණංතංහි ජිවිතං

රෝග ආකරය වූ, අශුචියෙන් ගහන වූ මේ සිරුර මරණයෙන් අවසාන වන්නේ...ය...

හිතවතුනි, මේ සිරුර, කිසිම වටිනාකමක්, නැති දෙයක් බව නිතර සිහි තබා ගත යුතු ය.

149 යානිමානි අපත්ථානි – අලාපුනේ’ව සාරදෙ
කාපොතකානි අට්ඨිනි – තානි දිස්වා න කාරති,

පොළොව මත අළු පාට – හිස් කබල් දකින විට, කාම රතී ගැන කෙසේ, තව දුරට සිතන්නද?

හිතවතුනි, ලබු කබල්, වලට සම හිස් කබල්, ජීවිතේ අනිස බව අපට පවසන්නේය....

150 අට්ඨිනං නගරං කතං - මංස ලොහිත ලෙපනං
යත්ථ ජරා ච මච්චු ච – මනො මක්ඛො ච ඕහිතො

ඇට වලින් ගොඩ නැඟී, මස් ලෙයින් පිරි ගත්, මේ සිරුර ජරාවට, මරණයට යන්නේය. අහංකාරය සමඟ, මහා ගුණමකු කමද, මේ සිරුර ඇතුළේම, නිතර බිහි වන්නේය....

හිතවතුනි, මේ සිරුර නොවටිනා වස්තුවකි, ළඟ දිනක මරණයෙන්, අවසාන වන්නේය...

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා පූර්ව භාග 09.01 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 11.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් මස 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]