UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය - 2010 ( 03 වන කොටස )

බුද්ධ ධර්මය - උපකාරක පාඩම්

මෙම පාඩමේ දී විමසනු ලබන රචනාමය ප්‍රශ්න වලදී ඉතාම වැදගත් කොටසක් සීලයෙන් සමාජයට සිදුවන යහපත යන කොටසට හිමිවෙනවා. ඒ නිසා අපි දැන් සීලයෙන් සැලසෙන සෙත පිළිබඳව සොයා බලමු. සිල්වත් සමාජයක් ඇති විට සමාජය , බියෙන් තොරය, හිංසනයෙන් තොරය, සැකයෙන් තොරය, සමගියෙන් යුත්තය. ඔවුනොවුන් විශ්වාසයෙන් හා අවබෝධයෙන් යුත්තය. සුහද බවද සමාජයේ වර්ධනය වේ. සොරකම් නොකිරීම නිසා විශ්වාසවන්ත භාවය තව තවත් වර්ධනය වේ.බොරු නොකීම නිසා විශ්වාසවන්ත භාවය තහවුරු වේ. කාමයෙන් වෙන්වීම නිසා අසහනයෙන් තොරය. මත් වතුර පානය නොකිරීම නිසා සිහියෙන් යුත් සමාජයක් වර්ධනය වේ.

විවිධ රෝගාබාධ නිසා තම ආර්ථිකය පවා පරිහානියට පත්වේ. මෙහි සුරාව රෝග සඳහා හේතුවේ. “ රෝගානං ආයතනං “ යනුවෙන් සුරාවෙහි ආදීනවයක් ද ස¼ිගාලෝවාද සූත්‍රයේ දැක්වේ.

වැරදි නොකිරීමෙන් සමාජය ම යහපත් වනවා සේම, සොරකම, වංචාව, දූෂණය ආදි දෙයින් නිදහස් නිසා තමාද සුවපත් වේ. ඉන් කියවෙන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයයි. ඉහත දැක්වූ අයහපත් දේ වෙනුවට ආදරය, කරුණාව, විශ්වාසය, සමගිය ආදිය හා විශේෂයෙන් මෛත්‍රිය වර්ධනය වීම ඉතාම වටිනවා. තවද වසල හා පරාභව සූත්‍ර වලද, මෙම සීලයට සම්බන්ධ තොරතුරු දැක්වෙනවා. ඒවා කඩන හෙවත් එහි නොයෙදෙන්නා වසලයෙක් ලෙසද, පිරිහීමට පත්වන්නෙක් ලෙසද සඳහන් කළ හැකියි.

මේ අපි අද ඉගෙන ගන්න පාඩමට ම අයිති ඉතිරි කොටස තමයි සදාචාරය හා සංවර්ධනය කියන්නේ. මේ ගැන කතා කිරීමේ දී හොඳම සුත්‍රය තමයි සිගාලෝවාද සූත්‍රය. අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනවුර වේළුවනාරාමයේ වැඩ සිටින කාලයේදී සිගාල නම් ගෘහපතියා අරමුණු කරගෙනයි. මෙය දේශනා කළේ මෙම සූත්‍රයේ කරුණු 03 ක් යටතේ සාරාංශ කර දක්වන්න පුළුවන් . එනම්

01. තුදුස් ලාමක කරුණු

02. සංග්‍රහ වස්තු

03. යුතුකම් (සදිසාව ) යනු ඒවායි. මෙහි පහත්, ලාමක, අයහපත් කරුණු 14 ක් දැක්වෙනවා. ඒවායෙන් අපි අනිවාර්යයෙන්ම වෙන්විය යුතුයි. එතකොට තමයි අපිට සදාචාරය වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනයට යන දෙපක්‍ෂයටම මෙම කරුණු බලපානව. ඡන්දය , ද්වේශය, භය, මෝහය යන සතර අගතියෙන් අපි වෙන්වීම අනිවාර්යය කාරණාවක්, එසේ නොමැති වුවහොත් අව පක්‍ෂයෙහි සඳ වගේ පිරිහීමට පත් වෙනවා. (කාල පක්ඛේව චන්දියා) මේ අගති වලින් යමෙක් යුක්ත නොවන්නේ නම් ඔහු වලාකුලින් මිඳුන පුර පක්‍ෂයෙහි සඳමෙන් බබලන බව “ සුක්ඛ පක්ඛේව චන්දිමා “ යන දේශනාවෙන් ධම්ම පදයේ දී දක්වා තිබෙනවා.

මෙම සිගාලෝවාද සූත්‍රය සීලයට සම්බන්ධ වන්නේ සතර කර්මක්ලේෂ හරහායි. පංච සීලයෙහි පළමු ශික්‍ෂාපද හතර මේ සඳහා යොදා තිබෙනවා. මෙහි මුලින් දැක් වූ සියලුම සීලයට සම්බන්ධ තොරතුරු මෙයටම ඇතුළත් වෙනවා. තුදුස් හෙවත් 14 ක් වූ ලාමක කරුණු වලින් ආර්ථිකයට විශේෂයෙන්ම බලපාන්නේ භෝග විනාශ මුඛ 06 වේ. මෙයට දක්වා ඇති නමින්ම මෙය පැහැදිලියි. මත් වතුර පානය, අවේලාවේ වීථී සංචාරය, නිතර නෘථ්‍ය - ගීත ආදිය බැලීම, සූදුවට ඇබ්බැහි වීම, පවිටු මිතුරන් ඇසුරු කිරීම, අලස කමින් යුක්ත වීම, යනු ඒ භෝග විනාශ මුඛ 06 යි. මේ දක්වන ලද කරුණු සියල්ලම අධ්‍යාත්මික, ආර්ථික වගේම සාමාජීය වශයෙන් ශක්තිමත් වන්නට ඉතා වැදගත් වෙනවා.

මෙම සූත්‍රයේ දැක්වෙන අනිත් පැත්ත තමයි මෙහි අනන්‍යතාවය, සමගිය, අන්‍යෝන්‍ය විශ්වාසය, සුහදබව, මිත්‍රශීලි බව අවබෝධය, සමානාත්මතාව ආදී සමාජ අවශ්‍යතා රැදෙන්නේ මෙම කරුණු 10 මගින්, සතර සංග්‍රහ වස්තු හා සදිසාවන් යනු ඒ දහයයි. අනුන්ට සංග්‍රහ කළ යුත්තේ මේ කරුණු වලිනි. ඒ නිසාම මෙයට සංග්‍රහ වස්තු යන නම ම යොදා තිබෙනවා.

“මාතා පිතා දිසා පුබ්බා - ආචාරියා දක්ඛිණා දිසා
පුත්තදාරා දිසා පච්චා – මිත්තාමච්චා ච උත්තරා “

දාස කම්මකාරා හෙට්ඨා – උද්ධං සමණ බ්‍රාහ්මණා යනු සදිසාව හැඳින් වූ ගාථාවයි. මේ තුළින් සාමාන්‍ය සමාජය කොටස් 06 කට වෙන් කෙරෙනවා. ඒ තමයි

මාපිය දු දරු සමාජය
ගුරු සිසු සමාජය
අඹු සැමි සමාජය
මිතුරු මිතුරු සමාජය
පාලක පාලිත සමාජය

ගිහි පැවිදි සමාජය , යනු ඒ කොටස් 06 යි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලියන ඔබ නොවරදවාම මෙම ඒ ඒ සමාජ හෙවත් කණ්ඩායම් වලට අයත් යුතුකම් හොඳින් මතක තියාගන්න. තමාට ලැබිය යුතු යුතුකම් වලට වඩා තමාගෙන් අනුන්ට ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්න.

මෙම පාඩමට අදාළව විශේෂයෙන් පාඩම් කරගත යුතු කරුණු

සීලය හඳුන්වන පාඨය
අන්තෝජටා බහි ජටා ගාථාව
ඒ ඒ සිල් පදවල විරමණය හා සමාදානය
අධිපති ධර්ම
ත්‍රිකෝටික පාරිශුද්ධිය
සතර අගති
සතර කර්මක්ලේෂ
භෝග විනාශ මුඛ හය
සතර සංග්‍රහ වස්තු
සදිසාව ඇතුලත් ගාථාව
ඒ ඒ දිසාවන් වලට අයත් සමාජ වර්ග
චතු සංවාස සූත්‍ර සාරාංශය
එක් එක් සමාජ කොටස් වලට අයත් යුතුකම්
කල්‍යාණ මිතුරන් සතර දෙනා
අයහපත් මිතුරන් සතර දෙනා
ලෝක පාලක ධර්ම
භෝග විනාශ මුඛ හයෙහි ආදීනව
දස අකුසල්
තුන්දොර
ත්‍රිවිධ පුණ්‍යක්‍රියා
ත්‍රිවිධ ශික්‍ෂා
සිව්පසය

මේ කරුණු ඔබ දන්නවාදැයි තමාම සිතා බලා ප්‍රතිපෝෂණය ලබාගන්න

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා පූර්ව භාග 09.01 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 11.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් මස 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]