Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානය 20 වන දා

අගොන්ශු මිත්‍රත්ව පදනමේ 18 වන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මේ මස 20 වන දා පස්වරු 02.30 ට පොළොන්නරුව බුද්ධි මණ්ඩප ශාලාවේ දී පැවැත්වේ. ගිරිතලේ ශ්‍රී අග්‍රබෝධි විහාරාධිපති, දර්ශනපති වරදිවෙල ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ මුලසුන හොබවන එම උත්සවයට ජපානයේ අගොන්ශු නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක ෆුකද සෙයිඅ හිමිපාණන් ප්‍රමුඛ විශේෂ අගොන්ශු දූත පිරිසක් ද සහභාගි වෙති.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන එම අවස්ථාවට කම්කරු ඵලදායිතා අමාත්‍ය ගාමිණී ලොකුගේ, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, තලතා අතුකෝරාළ, ඒ.ඩී. චම්පිකා, ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් ප්‍රධාන ප්‍රභූහු රැසක් ද සහභාගි වෙති. ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල්, අගොන්ශු නිකායේ දකුණු ආසියානු කලාපීය උපදේශක සෝමසිරි ඒ. පතිරණ මහතාගේ අධීක්‍ෂණය පරිදි ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ මෙහෙයවීමෙන් උත්සවය සංවිධාන කෙරේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.