Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 31 කොටස‍

135 යථා දණ්ඩේන ගොපාලො - ගාවො පචෙති ගොචරං
එවං ජරාව මච්චු ච – ආයුං පාචෙන්ති පාණිනං

ගොපල්ලා කෙවිටකින්, ගොනුන් මෙහෙයන පරිදි, ජරාවෙන් මරණයෙන්, ආයුෂය මෙහෙය වේ. හිතවතුනි, ජරාවෙන්, මරණයෙන් නිමාවන, ජීවිතය සඵල සේ හසුරුවා ගත යුතු ය...

136 අථ පාපානි කම්මානි – කරං බාලෝ නබුජ්ඣති.
සේහි කම්මේහි දුම්මේධො - අග්ගිදඩ්ඪෝ ච තප්පති.

මෝඩයෝ පාපයේ, තරම දන්නේ නැතිව, මහා පව් කර ගනිති. පසුව මහ දුක් විඳිති. හිතවතුනි, කරන දේ, සිහි ඇතිව කළ යුතුය, එසේ නැතහොත් පසුව විපත් සිදු වන්නේ...ය...

137 යො දණ්ඩේන අදණ්ඩේසු - අප්පදුට්ඨෙසු දුස්සති.
දසන්නමඤ්ඤතරං ඨානං ඛිප්පමෙව නිගච්ඡති.

රහත් කෙනෙකුට යමකු, වැරැද්දක් කළොතින්, නිසැක ලෙස ඔහු මහා දුකට පත් වන්නේ ය... (මෙය ඉදිරි ගාථා කීපයක් හා සම්බන්ධව පවතී)

138 වෙදනා ඵරුසං ජානිං - සරීරස්ස ච භේදනං
ගරුකං වාපි ආබාධං - චිත්තක්ඛේපං ච පාපුනෙ

සිරුර, අත, පය දරුණු - ලෙස කැඩී බිඳී යයි. එසේ නැතහොත් ඔහුගෙ සිහි විකල් වන්නේ...ය... (මෙයද ඉදිරි ගාථාව හා සම්බන්ධයි)

139 රාජතො වා උපස්සග්ගං - අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ච ඤාතීනං - භෝගානං ච පභංගුරං

රාජ දඬුවම් ලබයි. විපතකට ගොදුරු වෙයි. නෑසියන් අහිමි වෙයි. භවභෝග සිඳී යයි. (මෙයද ඉදිරි ගාථාව හා සම්බන්ධයි)

140 අථවාස්ස අගාරානි – අග්ගී ඩහති පාවකො
කායස්ස භෙදා දුප්පඤ්ඤෝ - නිරයං සොපපජ්ජති

කොතැන සිටියත් සිටින, නිවස ගින්නෙන් දැවේ. මරණයෙන් පසු නිසැක ලෙස දුගතියට යැවේ. හිතවතුනි, සිල්වතුන් පුදා ගරු කළ යුතු ය. ඉන් ඔබේ සසර මඟ, සැප සම්පතින් පිරේ.

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.