Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ 15 වන සංවත්සර උත්සවය ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කිරි වෙහෙර රජ මහා විහාරස්ථ දුටුගැමුණු ධර්‍මශාලාවේදී ඔක්තොම්බර් මස 31 වන ඉරු දින දවස පුරා පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

මෙදින ප්‍රාදේශීය දහම් පාසලේ තරග වලින් ජයග්‍රහණය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දිනපතා මල් ගෙන ආ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වසරේ දක්‍ෂතම සිසුවාට හා සිසුවියට වසරේ විනීතම සිසුවාට සිසුවියට දිනපතා පැමිණි ගුරුවරයාට හා ගුරු මහත්මියට දිනපතා පැමිණි ශිෂ්‍ය නායක නායිකාවට හා ගුරු මණ්ඩලයට තෑගි හා සහතික පත් ප්‍රදානය කිරීමද දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ රංගන හැකියාවන් ඉදිරිපත් කරන නැටුම් හා ගැයුම් ද පැවැත්වීමට දහම් පාසල් ආචාර්ය මණ්ඩලය කටයුතු සංවිධානය කර ඇති බව ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ප්‍රධානාචාර්ය ආර්.පී.රංජිත් මහතා ප්‍රකාශ කළේය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.