UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික ක්‍ෂීරපායාස බුද්ධ පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ වාර්ෂික ක්‍ෂීරපායාස බුද්ධ පූජාව, මෙවරද මෙම මස 23 වෙනි දින උදෑසන, ශ්‍රී‍්‍ර මහා බෝ සමිඳුන් ඉදිරියේ පැවැත්වීමට නියමිතය. පැරැන්නන් සිදු කළ ආකාරයටම , කිරි එළ දෙනුන් අට දෙනෙකු සුවඳ පැනින් නහවා ඔළිඳ , විලඳ , වැල් මී, මී පැණි සමග කවා පසුදින අලුයම දොවා ගන්නා ලද නැවුම් කිරියෙන් සහල් සෝදා සුවද දරින් ගිනි මොලවා උණුවන ඖෂධීය වාෂ්පයෙන් එම ක්‍ෂීර පායාසය සකස් කර ගන්නේද සෙත් පිරිත් , හේවිසි හඬ හා සැදැහැවතුන්ගේ සාධුකාර හඬ මධ්‍යයෙහිය. අනතුරුව එදින උදෑසන සැදැහැවතුන් සමග මහා පෙරහරින් ගොස් එම ක්‍ෂීරපායාස මහා බුද්ධ පූජාව, ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස සිදු කිරීමට කටයුතු යොදා ඇත. මීට අමතරව පෙර දින පුන් පොහෝදා සිල් සමාදන් වූ සැදැහැවතුනට හීල් දානය හා දවල් දානය පිරිනැමීමත් බණ භාවනා වැඩසටහන් පැවැත්වීමත් පුරුදු පරිදි බෞද්ධ මණ්ඩල පරිශ්‍රයේදි සිදු කෙරේ.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]