UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින චීවර පු‍ෙණ්‍යාත්සවය ඔක්තෝම්බර් 23 , 24 දිනයන්හි මහනුවර කටුකැලේ ලේඩිබේලේක් ආරාමාධිපති කොත්මලේ සුදර්ම සිල්මෑණියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.මෙවර කඨින පින්කමේ පූර්ණ දායකත්වය දරනු ලබන්නේ නුගේගොඩ රාජගිරිය නාවල පදිංචි කමනි හේවගේ මහත්මියයි. ඔක්තෝම්බර් 23 සවස ධර්ම දේශනයකි. මෙදින සවස ශ්‍රී දළදා සමිදු උදෙසා ගිලන්පස පූජාවකි. පසුදින උදේ හීල් දානය දවල් මහා කප්රුක් පූජාව සහිත මල් වතු අස්ගිරි අතිගරු මහානායක අනුනායක හිමිවරු ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන සපිරි කර සංඝගත දක්‍ෂිණාවකි. පිළියෙල කර ගත් කඨින වස්ත්‍රය ඔක්තෝම්බර් 24 වනදා පාන්දර අලි ඇතුන් සහිත මහා පෙරහරකින් කටුකැලේ ආරාමයේ සිට ශ්‍රී දළදා මාළිගාවට වැඩමවාගෙන එනු ඇත. කඨින වස්ත්‍රය සඟ සතු කර පූජා කිරීම සහ ශ්‍රී දළදා සමිඳු උදෙසා පිදෙන මුල්තැන් බුද්ධ පූජාව විසිහතර වෙනි දින දවල් සිදුකෙරේ. කේ.බණ්ඩාරනායක


ගලවිලවත්ත

හෝමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණ්‍යෙත්සවය මෙම මස 30,31 දෙදින හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති, කම්මට්ඨානාචාර්ය, රත්මලානේ සුජාත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් සංවිධාන කමිටුවේ මෙහෙයවීමෙන් ගලවිලවත්ත විදර්ශනා මාවතේ දෙවෙනි පටුමගේ පදිංචි පේ‍්‍රමසාර සමරතුංග මහතා සහ එම මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් සිදුකෙරේ. 30 පස්වරු 6.00 මාකුඹුර පුරාණ විහාරාධිකාරි බොරළුගොඩ ජිනාලංකාර හිමියන් විසින් ආශිර්වාද බෝධි පූජාව පවත්වන අතර රාත්‍රී 7.00 ට විශේෂ ධර්ම දේශනය කැලණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මල්වානේ චන්දරතන නාහිමියන් විසින් පැවැත්වේ. පසුදින අලුයම 3.00 ට කඨින පෙරහර ග්‍රාම සංචාරය කිරීමත් පෙරවරු 6.30 ට සඟසතු දානමය පින්කම හා කඨිනානිසංශ පුණ්‍යානුමෝදනාවක් පැවැත්වේ.


මාගම්මන පුරාණ විහාරය

මාගම්මන පුරාණ විහාරයේ කඨින පින්කම මෙම මස 22, 23 යන දිනවලදී පැවැත්වේ. ඒ නිමිත්තෙන් ඉකුත් 17 වන දා සිට දිනපතා රාත්‍රී 7 – 8 දක්වා දම් දෙසුම් මාලාවක් ද පැවැත්වේ. ඒ අනුව මෙම 20 වන දා වතුරවිල සිරිසුජාත හිමියන් විසින් ද 21 වන දා පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් ද 22 වන දා ගලිගමුවේ ඤාණදීප හිමියන් විසින් ද එම දම් දෙසුම් පැවැත් වූ අතර 22 වන දා රාත්‍රී කඨින චීවර පූජා පෙරහර මාගම්මන දොලේකඩේ සරත් බමුණුආරච්චි මහතාගේ නිවසේ සිට ඇරැඹෙන අතර 23 වනදා දවල් අර්ධශතාධික සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.


සංකල්ප විහාරයේ වස්සාන දම් දෙසුම්

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික වස්සාන දම් දෙසුම් මාලාව සහ කඨින මහා පින්කම මෙවරද නොවැම්බර් 2 සිට 13 දක්වා විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. නොවැම්බර් 02 සිට 13 දක්වා උදෑසන 5 ට කිරි ආහාර බුද්ධ පූජාව සහ දවල් 10 ට සම්බුද්ධ පුජා පැවැත්වේ. ඊට සමගාමීව සවස 6.00 ට මල් පෙරහර ද පැවැත්වෙන අතර පහත සඳහන් ස්වාමින් වහන්සේලාගේ දම් දෙසුම් රාත්‍රී 7 ට පැවැත්වේ. ඒ අනුව 2 වනදා කපුදූවේ නන්දසිරි හිමි, 3 වනදා දොඩංගොඩ අස්සජි හිමි, 4 වනදා මානකඳුරේ පඤ්ඤාසාර හිමි, 5 වනදා ගොම්බද්දල ධමිත හිමි 6 වනදා මකුරුප්පේ කේමාලංකාර හිමි, 7 වනදා ගලිගමුවේ ඤාණදීප හිමියි, 8 වනදා කුකුල්පනේ සුදස්සි හිමි, 9 වනදා කොළොන්නාවේ සිරි සුමංගල අනු නා හිමි, 10 වනදා මැදගොඩ අභයතිස්ස හිමි, 11 වනදා පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි හිමි යෝ පවත්වති.නොවැම්බර් 12 සවස 5 ට කඨිනචීවරය රැගත් පෙරහර නිව් සිටි ධ්ධ් නිවාස සංකීර්ණයේ පදිංචි ආනන්ද මුණසිංහ මහතාගේ සහ එම මහත්මියගේ දායකත්වයෙන් වීදි සංචාරය කෙරේ. නොවැම්බර් 12 රාත්‍රී 7 ට මහ පිරිත් දේශනයද නොවැම්බර්13 දවල් කඨින චීවරය සඟසතු කොට පූජා කිරීමද සහ 50 නමක් විෂයෙහි මහාදානමය පින්කමද පැවැත්වේ.


මොරගොඩවත්ත අභයනන්දනාරාමය

කැස්බෑව මොරගොඩවත්ත අභය නන්දනාරාමයෙ කඨින පින්කම මෙම මස 23, 24 දිනවලදී පැවැත්වේ. ඒ නිමිත්තෙන් 23 වන දා සවස 6 ට අටවිසි බුද්ධ පූජාවක්ද රාත්‍රී 8 දහම් දෙසුම වේපතඉර හේමාලෝක හිමියන් විසින් ද 24 වන දා අලුයම මණ්ඩාවිල පාරේ එස්.එම්. බණ්ඩාර මහතාගේ නිවසේ සිට කඨින චීවර පූජා පෙරහර වීදි සංචාරය කර විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව 24 වන දා කඨින චීවර පූජාව හා සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. 24 වන දා සවස 07.30 ට කඨිනානිශංස දහම් දෙසුම වදුරාදෙණියේ සෝමිස්සර හිමියන් විසින් පවත්වනු ලැබේ.


මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ කඨින පින්කම හා ගුණ සමරු පින්කම්

මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ කඨින පින්කම් සහ විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති හා පරිවේණාධිපති ධුරයන් හොබවා අපවත් වී වදාළ නිතලව ශ්‍රී ඤාණේශ්වර නාහිමි, පිදුමේරතන නාහිමි, නුගදෙණියේ ධම්මානන්ද නාහිමි, මකුලෑවේ විජය නාහිමි යන නාහිමිවරුන්ගේ ගුණ සමරු පින්කම්ද මෙම මස 19 වනදා සිට 23 වනදා දක්වා විද්‍යාවාස පිරිවෙනේදී පැවැත්වේ.

දිනපතා සවස 6.45 ට බුද්ධ පූජාව හා බෝධි පූජාවන්ද රාත්‍රී 7.30 ට ධර්ම දේශනා පැවැත්වීමද සිදුකැරේ. බුත්පිටියේ සමිත නාහිමි 21 වනදා ආචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි 22 වනදා රූපහසෝරත හිමි එම දම් දෙසුම් පවත්වති.

23 වනදා අලුයම නුගදෙණිය කේ.කේ. රාජිත කමලනාථ ගුණදාස මහතාගේ නිවෙසේ සිට කථින චීවර පූජා පෙරහරද අනතුරුව විහාරස්ථානයේ දී කඨිනය පූජා කිරීමද දවල් 11 ට සපිරිකර සංඝගත දක්ෂිණාවද පැවැත්වේ.


පොල්ගස්වත්ත

දැරණියගල පොල්ගස්වත්ත ශ්‍රී සුමනාරාමයේ කඨින පින්කම මෙම මස 30 හා 31 යන දින වලදී පැවැත්වීමට විහාරස්ථ දායක සභාව, හා කුළගන සමිතිය මගින් කටයුතු යොදා ඇත. 30 දින රාත්‍රී සියලුම රට වැසියන්ට සෙත්පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වේ. පසු දින අලුයම කඨින වස්ත්‍රය වැඩම කිරීමේ පෙරහර නූරිය එනසාල්අතුල ප්‍රදේශයෙන් ආරම්භව විහාරස්ථානය කරා පැමිණෙන අතර දහවල කප්රුක් පූජා සහිත කඨින මහා සාංඝික දානය පිරිනැමීම සිදු කෙරේ.


හොරේතුඩුව

කෙසෙල්වත්ත, හොරේතුඩුවේ ශ්‍රී විමලකීර්ති්‍යාරාමයේ (රබර්වත්ත පන්සල) කඨින මහා පූජෝත්සවය නොවැම්බර් 1 වන සිට 6 වන දා දක්වා පැවැත්වේ. මෙම පින්කම පවත්වනු ලබන්නේ විහාරාධිපති රාජකීය පණ්ඩිත මැද උයන්ගොඩ විජයකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි හොරේතුඩුවේ ශිරන්තප්‍රනාන්දු මහතාගේත් රේණුකා ශි‍්‍රයානි මහත්මියගේත් ප්‍රධාන දායකත්වයෙනි.


ඇල්පිටිය

ඇල්පිටිය ඉහළ ශ්‍රී බෝධිරාජාරාමයේ කඨින චීවර පූජා පින්කම නොවැම්බර් මස 12 දින සවස එම විහාරස්ථානයේ දී පැවැත්වේ.


පොතුහැර

පොතුහැර දෙගල්ලස්සේ ගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පූජා මහෝත්සවය නොවැම්බර් 04 සහ 05 දිනයන්හිදී සිදුකිරීමට විහාරාධිපති ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ හිමියන්ගේ සහ භාරකාර ධූරය හොබවන සැවන්දන සංඝරක්‍ඛිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේත් අනුශාසනා පරිදි සිදු කිරීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.


කීනදෙණිය

අඹේපුස්ස කීනදෙණිය ශ්‍රී වර්ධනාරාමාධිපති බටුවන ඤානේස්වර හිමියන්ගේ අනුශාසනා පරිදි හැත්තෑ හතර වෙනි වාර්ෂික කඨින මහා පින්කම මෙවර නොවැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වේ. 11 වන දා සවස 06.30 ට ධර්ම දේශනය පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් පවත්වනු ලබන අතර අලුයම කඨින පෙරහර සතරපේරුවේ ගමන් කිරීම සහ පසුදින දවල් මහා සංඝරත්නය උදෙසා කඨින දානය පිරිනමනු ලැබේ.


මීගොඩ

මීගොඩ භාවනා භික්‍ෂු මධ්‍යස්ථානයේ කඨින මහා පින්කම මෙම මස 30, 31 දෙදින තුළ පැවැත්වේ. මෙම 24 වන දා සිට පිළිවෙලින් රාත්‍රී 07 ට දම් දෙසුම් පැවැත්වේ.


කඩුගොඩ

කඩුගොඩ පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම මෙම මස 25 සිට 29 දක්වා පැවැත්වේ. 25 රාත්‍රී 07.00 ට ධර්මදේශනා පැවැත්වේ. කඨින චීවරය රැගත් පෙරහර 29 අලුයම වීදි සංචාරය කරයි. අමුණුමුල්ලේ චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පෙරහර කොස්ගම බෙරළුපිටියේ පී.ඒ. තිලක් මහතාගේ නිවසින් ඇරැඹේ.


එගොඩඋයන

එගොඩඋයන විදර්ශනාරාම මූල මහා විහාරයේ කඨින පින්කම නිමිත්තෙන් දෙහිගම විනයපාල හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 23 වන දා දක්වා දම් දෙසුම් මාලාවක් පැවැත්වේ.


කල්දෙමුල්ල

මොරටුව -කල්දෙමුල්ලේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ කඨින පින්කම මේ මස 23,24 දෙදින තුළ විහාරාධිකාර මාතලේ සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. කඨිනානිශංස ධර්ම දේශනාව මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමියන් විසින් පවත්වනු ලැබේ. එම පින්කම :– විහාරස්ථදායක සභාව සමග ශි‍්‍ර ධම්මානන්ද දහම් පාසල එක්ව සංවිධානය කර ඇත.


බොද්දෙල්ගොඩ

මිල්ලනිය බොද්දෙල්ගොඩ ශ්‍රී දේවරක්‍ෂිතාරාමයේ කඨින මහා පින්කම මෙම 30 වන දින අංගමුවේ කුසල ධම්ම හිමියන්ගේ අනුසාසනා පරිදි සිදු කැරේ. මෙම පිංකම මෙදින අලුයම 2.00 පමණ මිල්ලනිය ජී.හෙට්ටිවත්ත මහතාගේ නිවසින් පෙරහරකින් ආරම්භ කෙරේ. අනතුරුව එදින දවල් කඨිනමහා දානමය පින්කමද එදින රාත්‍රී 7.00 ට කඨින ආනිසංස දම් දෙසුම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති නිග්ගහ ඤානින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.


ඔරුලියද්ද

පොල්ගහවෙල ඔරුලියද්ද මල්අස්න පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති සමස්ත ලංකා සසුන් මඟ භික්‍ෂූ සංවිධානයේ ප්‍රධාන ලේඛකාධිකාරී පොල්ගහවෙල ආනන්ද හිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් මස 22, 23 යන දෙදින පුරා පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා තිබේ.


ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ විහාරය

කඩුවෙල ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ විහාරයේ කඨින පින්කම නොවැම්බර් මස 5 සහ 6 යන දිනවලදී පැවැත්වේ. 5 වන දා පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද 6 වන දා ලාල් නානායක්කාර මහතාගේ නිවසේ සිට කඨින චීවර පෙරහරද අනතුරුව සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්ද පැවැත්වේ.


සමාධි විවේකාශ්‍රමයේ වස් පින්කම් මාලාව

කළුබෝවිල පන්සල පාරේ සමාධි විවේකාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක මහරගම පදුම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වස්පින්කම් මාලාව 2010 නොවැම්බර් 01 දින සිට 07 වැනි දින දක්වා සමාධි විවේකාශ්‍රමයේ දී පුරා සතියක් පැවැත්වේ. නොවැම්බර් 01 වැනි සඳුදා සිට 06 වැනි සිකුරාදා දක්වා ප.ව. 07 සිට 08 දක්වා සිදුකෙරෙන ධර්මදේශනා මාලාවේ දී ශාස්ත්‍රපති, පාතේගම සුමනරතන නාහිමි, ශාස්ත්‍රවේදී පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, ගලිගමුවේ ඤාණදීප හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත දොඩන්දූවේ සිරිකර නාහිමි, කම්මට්ඨාචාර්ය නුගේගොඩ ශාන්ත බෝධි හිමි සහ ශාස්ත්‍රපති මිරිස්සේ ධම්මික හිමිවරුන් විසින් ධර්ම දේශනා පවත්වනු ලබයි. 07 වැනි සෙනසුරාදා අලුයම 04.00 ට කොළඹ වෝඩ්පෙදෙසේ චන්දන වික්‍රමරත්න මහතාගේ නිවසින් කඨින පෙරහර පිටත් වන අතර එදින පෙ.ව. 10.00 ට කඨින චීවර පූජා උත්සවය මෙහෙයවනු ලබන්නේ තලගල සුමනරතන නාහිමියන් විසිනි.


මැලිබන් ආරාමය

පිටකෝට්ටේ බැද්දගානේ මැලිබන් ආරාම විහාරස්ථානයේ කඨින පූජෝත්සවය නොවැම්බර් මස 6, 7 යන දිනයන්හි විහාරාධිපති හැඩිගල්ලේ පඤ්ඤාසේන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත් වේ. මේ වෙනුවෙන් ජූලි මස සිට සෑම පොහෝ දිනකම අටවිසි බුද්ධ පූජා පැවැත් වූ අතර සෑම ඉරු දිනකම ධර්ම දේශනා පින්කම් දායක සභාවේ හා කුළඟන සමිතියේ මෙහෙයවීමෙන් පැවැත්විණි. නොවැම්බර් මස 24 වන දින සවස 06.00 ට තෙසැත්තෑඤාණ පූජාව පවත්වන අතර 31 වන දින අසූ මහ ශ්‍රාවක පූජාවකි. නොවැම්බර් මස 6 වන දින සවස 6 – 9 දක්වා මහපිරිත් දේශනාව පැවැත්වේ. 7 වන දින උදෑසන 04.30 ට කඨින පෙරහර පිටත්වනුයේ බැද්දගාන ජයපුර මාවතේ අංක 25/27 දරන නිවසෙනි. එදින දවල් සංඝගත දක්‍ෂිණාවක් පවත්වා රාත්‍රී කඨිනාණිසංස ධර්ම දේශනාව පැවැත්වේ.


තල්පිටියේ දළදාවත්ත පුරාණ විහාරය

වාද්දුව දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පූජෝත්සවය මෙම මස 24 වනදා පැවැත්වේ. විහාරාධිපති පණ්ඩිත තල්වත්තේ ඉන්ද්‍රජෝති නාහිමි, තල්පිටියේ චන්දරතන හිමි සහ රාජකීය පණ්ඩිත තල්පිටියේ ධම්මරතන යන ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ කුළඟන සමිතිය. විහාර කාර්ය සාධක සමිතිය, ඇතුළු ගම්වාසීන්ගේ සංවිධානයෙන් සිදුකෙරෙන මෙම කඨින පූජෝත්සවයේ කඨින චීවරය සහිත පූජාභාණ්ඩ පෙරහර දකුණු තල්පිටියේ ‘මුතුකුඩ ‘ මහත්මියගේ නිවසින් 24 දින අළුයම 3.00 පිටත් වී වීථි සංචාරය කර විහාර ස්ථානයට අළුයම 6.00 ගෙවදීමට නියමිතය.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]