UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වප්පෝදා දවස පුරා පින්කම්

අනුරාධපුර මහා විහාරය

මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ඔක්තෝබර් මස 22 වන දින පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩසටහන මෙසේ ය. පුන් පෝ දින පෙරවරු 06.00 – 06.30 ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.30 මහාවිහර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය, 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා - මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, 11.00 – ප.ව. 12.30 දවල් දානය, සහ පුණ්‍යානුමෝදනාව පස්වරු, 12.30 – 01.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී ජාතක කතා දේශනාව - කිරින්දේ ඥානදර්ශන හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 05.15 – 06.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 07.30 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ඣායනය. පුන් පෝ දිනට පසු දින පෙ.ව. 05.00 – 05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා 06.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ වප්පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් කිරි ආහාරපූජාව හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍ය වටා පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

උදේ ධර්මදේශනාව තනමල්විල බෝදාගම විද්‍යාලෝක පිරිවෙනේ ශාස්ත්‍රවේදී මීගහජදුරේ හේමාලෝක නාහිමියන් විසින් දුටුගැමුණු ධර්මශාලාවේ දී පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍යමළුවේ පැවැත්වේ. මහාඝෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර වහන්සේ වෙත පැමිණ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සිල්ගත් උපාසක උපාසිකාවන්ට ගිලන්පස පිළිගැන්වීම සිදුකෙරේ.

සවස මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන්ගේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැනින් නෑවීම සිදුකිරීමෙන් අනතුරුව බෝධිපූජාව පවත්වනු ලබන්නේ අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසිනි.

කිරිවෙහෙර 3 වන මළුව සමීපයේ පහන් දස දහසක ආලෝකපූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලානඋපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් සංවිධානය කර ඇත.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් කළුතර බෝධි පරිශ්‍රයේ දී මෙම පසළොස්වක පෝදා දවස පුරා සීල භාවනා පින්කම් මාලාවක් පැවැත්වේ. ඒ අනුව පෝදා පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය මෙහෙයවීම හා තෙරුවන් වන්දනා ගැටඅරළුවේ විපුලධම්ම හිමි 8 – 10.45 දහම් දෙසුම බණ්ඩාරවෙල මුදිත හිමි 11.15 අභය දාන පින්කම් සහ ඒ පිළිබඳ අනුශාසනාව පළාතොට පඤ්ඤානන්ද හිමි පස්වරු 1 – 2 දහම් දෙසුම යටවර ඤාණසිරි හිමි, 2.30 – 3.30 දහම් දෙසුම ඔක්කම්පිටියේ කස්සප හිමි 4.30- 6.30 දහම් දෙසුම පරගස්තොට සුධම්ම හිමි 7-8 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන පහන් පූජාව.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ දී වප් පොහොය දා විහාරාරක්‍ෂ දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය මෙහෙයවීමෙන් සීල සමාදාන පින්කමක් පැවැත්වේ. පෝදා පෙරවරු 06.00 සීල සමාදානය හා අනුශාසනාව ශාස්ත්‍රවේදී කටුගහ පියදස්සී හිමි. 06.30 සම්බුද්ධ පූජාව 08.15 භාවනාව මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි, 09.30 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි 11.00 සම්බුද්ධපූජාව පස්වරු 01.30 ධර්මදේශනාව අම්බුළුගල සුමංගල හිමි, 03.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී බොරැල්ලේ කෝවිද හිමි, 04.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති වහුමුවේ විජයවංශ නාහිමි සවස 06.00 ට සීල පවාරණය හා අටවිසි බුද්ධපූජාව පැවැත්වීම දොළොස්බාගේ සාන්තනාග හිමි, ඉරිදා, සඳුදා, බදාදා, සිකුරාදා දිනවල සැමට සෙත්පතා පිරිත් සජ්ඣායනා පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වප්පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06 – 07 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, ලග්ගල අසම හිමි, 08 – 09 ධර්ම දේශනාව, රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ හෑගොඩ විපස්සි හිමි, 09 – 10 ධර්ම දේශනාව බොරැල්ලේ අතුල නාහිමි, 10 – 11 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව බියගම කමලධම්ම හිමි, බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ ඇළහැර විජිතවංස හිමි, බංගලිදේශයේ සුමණවංස හිමි, 01 – 02 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02 – 03 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 03 – 04 විශේෂ අනුශාසනාව, අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහනාහිමි, 04.15 – 05 ධර්ම දේශනාව, වටගෙදර විමල බුද්ධි නාහිමි, 05 – 06 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 06 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී වප් පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 06.00 – පස්වරු 06.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8 - 9 පානළුවේ සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද, 09.15 – 10.15 ගල්දූවේ උපේක්‍ෂා දසසිල් මාතාව විසින් පවත්වන ධර්ම දේශනාවක් ද 10.15 - 11.00 කඩවත විමුක්ති දසසිල් මාතාව විසින් පවත්වන ධර්ම දේශනාවක් ද 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 – 01.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1 – 2 පන්නිපිටියේ ආසංසා දසසිල් මාතාව විසින් පවත්වන ධර්ම දේශනාවක් ද 2.15 – 3.30 රත්නපුරේ තිසරණී දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 03.30 – 04.30 කෑගල්ලේ විමංසා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 05.00 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 06.00 මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල, හුණුපිටිය, ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ දී වප් පුරපසළොස්වක පෝය දින පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා සීල, භාවනා වැඩසටහනක් පැවැත්වේ. පෙරවරු 06.00 ට සිල්සමාදන් කරවීම හා බුද්ධ පූජාව, අනුශාසනාව වලවෙල හේමානන්ද මාහිමි 08.00 ට භාවනාව වෑගල්ලේ රාහුල හිමි, 09.00 ට දම්දෙසුම අම්බලන්ගොඩ සුමනනන්ද හිමි 10.00 ගිහි දේශනය, මාතෘදාස ලියනගේ මහතා 11.00 බුද්ධ පූජාව පස්වරු 1.00 දම් දෙසුම බුත්කන්දේ රතනජෝති හිමි, 2.00 පිරිත් හුණුවල පියදස්සි හිමි 3.00 ධර්මසාකච්ඡාව මාලිබොඩ සිරි සුගනානන්ද හිමි, 04.00 දම්දෙසුම කගනාවිට සමිත ධම්ම හිමි, 05.00 වත්පිළිවෙත් 6.00 අටවිසි බුද්ධ පූජාව, හසලක අමිතසිරි හිමි, රාත්‍රී 07.00 ගුණ සමරු ධර්මදේශනාව වතුරුගම නන්දසිරි මාහිමි.


කිරුළපන දම් දෙසුම්

කුරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මඟින් සතර පෝදා දිනවල සවස 5 – 6 දක්වා දම් දෙසුම් මාලාවක් පැවැත්වේ. ඒ අනුව මෙම වප්පුර පසළොස්වක පෝදා රණස්ගල්ලේ ඤාණවීර හිමි, 30 වන දා වේඩරුවේ සමිත හිමි, නොවැම්බර් මස 5 වන දා කන්නිමඩුවේ ධම්මිස්සර හිමි, 13 වන දා ගලගම අමිතසිරි හිමි දම් දෙසුම් පවත්වති.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටිය වජිරාරාමයේ දී වප් පුර පෝදා පැවැත්වෙන සීල භාවනා වැඩ සටහන මෙසේය. පෝදා 06.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව : සිරිවජිරාරාමාධිපති, රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමි 8 – 9 ධර්මානුශාසනාව මඩවල ජිනවංශ හිමි 9 – 9.40 විශේෂ ධර්ම දේශනාව - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නා හිමි 10 – 11 භාවනාව සහ අනුශාසනාව : බෝපාගම තපෝවනයේ අනුශාසක ගම්පහ පාසාදිත හිමි 11 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විශාරද හිමි පස්වරු 12.30 – 01.15 සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය : සිරිවජිරාරාමයේ දහම්පාසැල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි. 01.15 – 02.45 ධර්ම සාකච්චාව : වැලිගෙපොල ශීලවංශ හිමි 03 – 04 ධර්මානුශාසනාව : සිරි වජිරඤාණවාසි දියතලාවේ පියදස්සි හිමි 04 – 05 ගිහි දේශනය : විශේෂඥ වෛද්‍ය පිලිකා රෝහලේ අධ්‍යක්‍ෂ කනිෂ්ක කරුණාරත්න මහතා 05 – 06 ධර්මානුශාසනාව : දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි 06 – 06.30 අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව : සිරි වජිරාරාම ස්වාමින් වහන්සේලා


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩ සටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වප් පුර පෝදා තරුණසීල සමාදාන වැඩ සටහන මෙසේය. පෝදා පෙරවරු 6 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි 8 – 9 - භාවනාව වැලිමඩ පසන්නමානස හිමි 9 – 10 - ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මාතලේ ධම්මකුසල නාහිමි 10 – 11.15 - පරෝපාකාර සංග්‍රහය – ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12.25 – 12.30 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 – 1 - පිරිත් හා තෙරුවන් ගුණ මීගලෑවේ චන්දන හිමි 1.00 – 2.00 - ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි 2.00 – 3.00 - වෙසෙසි දෙසුම – ඩබ්.කේ.සරත් විමලසිරි මහතා 3 – 4 - ධර්ම දේශනාව -හැඳල දමිත හිමි 4.15 – 5 - ධම්ම පදය – පණ්ඩිත ගබ්බෙල වජිර හිමි 5.00 – 6.00 - ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සි හිමි 6.00 – 6.30 - බෝධි පූජාව මෙහෙයවීම – පණ්ඩිත ගබ්බෙල වජිර හිමි


බෞද්ධයා රූපවාහිනියේ වප් පොහොය සජීව විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට...

අලුයම 06.00 කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භවීම. පෝදා පෙරවරු 06.00 – 07.00 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම, ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 08.00 – 09.00 ධර්ම දේශනාව හා භාවනාව මෙහෙයවීම, මොරවක සෝරත හිමි, 10.00 – 11.00 දම් සභා මණ්ඩපය, මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, ප්‍රේමසර ඈපාසිංහ මහතා, මෙහෙයවීම – ලසන්ත වික්‍රමරත්න, 11.00 – 11.30 සම්බුදු පූජාව, මෙහෙයවීම මහරගම පදුම හිමි පස්වරු 12.30 01.00 රණවිරුවන්ට කෘතිම පාද පිරිනැමීම හා සම්බෝධි විහාර භූමියේ දි, 01.00 – 02.00 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මෙහෙයවීම, කළුබෝමිටියන ගුණානන්ද හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව මෙහෙයවීම, ගලිගමුවේ ඤාණදීප හිමි, 03.30 – 04.30 ධර්ම දේශනාව මෙහෙයවීම, මීතලාවේ විනීත නාහිමි, 04.30 – 05.15 මෙහෙණි අරම සජීව වැඩසටහන දරණාගම අමිතා දසසිල් මාතාව, මෙහෙයවීම, සංජීවනී රත්නායක, 05.15 – 06.00 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය, මෙහෙයවීම, මහරගම පදුම හිමි.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]