Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අම්බලන්ගොඩ සුධර්ම හිමියෝ දකුණු ලක ප්‍රධාන සංඝනායක පදවි ලබති

අම්බලන්ගොඩ හිරේවත්ත සිරිවිජයාරාමාධිපති හා ගා/සද්ධර්මාලංකාර පරිවෙනාධ්‍යක්‍ෂ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති අම්බලන්ගොඩ සුධර්ම හිමිපාණන් වහන්සේ විසින් සිදු කරනු ලබන ජාතික, ආගමික, සාමාජික සේවාවන් අගයනු වස් අමරපුර සිරිසද්ධම්ම යුත්තික (මාතර) මහා නිකාය මඟින් සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස වංසාලංකාර ගෞරවනාම සහිත දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. උන්වහන්සේට උපහාර පිදීමේ උත්සවය අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 23 වන දා සිරිවිජයාරාමයේ දී පැවැත්වේ. එදින පටබැඳිමුල්ල සිරි රත්නාරාමයේ සිට දර්ශනීය පෙරහරකින් සිරි විජයාරාමයට වැඩම කරවනු ලැබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.