Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මැදවැව, අලුත්පාර, කැකිරාව යන ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එම්.විමලදාස මහතා ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ඉතා ඉක්මනින් බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව ඔහු ප්‍රතිකාර ගනු ලබන මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ නිර්දේශය වී ඇත. මෙම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වේනම් 0772927691 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කැරේ. තවද මෙම රෝගියාගේ ප්‍රතිකාර සඳහාද මාසිකව විශාල මුදලක් වැය වන අතර ආධාර කිරීමට කැමති පුද්ගලයකු සිටීනම් ඔහුගේ බිරිඳ වන කේ. කමලාවතී මහත්මිය නමින් කැකිරාව මහජන බැංකුවේ ඇති ගිණුම් අංක 042200178165727 යන ගිණුමට බැර කරන ලෙසද ඉල්ලීමක් කැරේ.


දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන රෝගියකු සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් 0773600124, 033 – 2264251 දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.


නෙල්කා ෆොන්සේකා මහත්මිය වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා වහා වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන්ගේ මතය වන බව කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන පරිත්‍යාගශීලියකු වේ නම් පහත දුරකථන අංකයන්ට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 0773668531, 0777659031


රාගම පදිංචි 45 හැවිරිදි කමල් මෙන්ඩිස් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. එක් දරු පියෙකු වන ඔහුට ජීවත් වන්නට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හිමි පින්වතෙකු ඔහු ගැන අනුකම්පා කර වකුගඩුවක් පරිත්‍යාග කර ඔහුට ජීවත්වීමට උදව් කරන මෙන් ඔහුගේ බිරිඳ ඉල්ලීමක් කරයි. එවැනි පරිත්‍යාගයක් කළ හැකි පින්වතෙකු වේ නම් සේනානි මෙන්ඩිස් 077 3779544 සහ 011 – 2957655 යන දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි ඔහුගේ බිරිඳ ඉල්ලා සිටියි.


දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හැට එක් හැවිරිදි දෙදරු මවක සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ ලේ හිමි වකුගඩුවක් අවශ්‍ය බව කියයි. “ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් පහත අංකයට අමතන මෙන් ඉල්ලීමක් කැරේ. 0112937168 – 0716350957 දුරකථන අංක වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.