UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර ගමන් මඟ

අගෝස්තු 10 වන කුජ දින ශුභ මොහොතින් මහනුවර සිව් දේවාලයන්හි ඇසළ කප් සිටුවා ආරම්භ කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන සිව්දේවාල පෙරහර මංගල්‍යයේ පළමුවන කුඹල් පෙරහර අගෝස්තු 15 වන දිනද, රන්දෝලි පෙරහර අගෝස්තු 20 වන දිනද ආරම්භ කැරිණි.

අවසන් රාත්‍රී මහ පෙරහර අගෝස්තු 24 වන දිනද දිය කැපුම් මංගල්‍ය පෙරහර අගෝස්තු 25 වනදාට අරුණ නැඟෙන්නට සිදුකර අගෝස්තු 25 වන දා දවල් පෙරහර ද පැවැත්වෙන බව ඇසැළ පෙරහර සම්බන්ධ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත් කර ඇති පෙරහර ගමන් මාර්ග විස්තරයෙහි සඳහන්ව ඇත.

පෙරහර ගමන් මාර්ග විස්තර වෙනස් කිරීමේ බලය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ සතුව පවතී. එම පෙරහර ගමන් මාර්ගය මෙසේ ය.

රන්දෝලි පෙරහර

2010 අගෝස්තු මස 20 වැනි දින, කිවි දින රාත්‍රී 07 පසු වී විනාඩි 32 ට දකුණු දිශාභිමුඛව සිව්දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 07 පසු වී විනාඩි 48 ට සිරිත් පරිදි දකුණු දිශාභිමුඛ රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය, (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහළට පැමිණ දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය) රජවීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 21 වන දින, සනි දින දකුණු දිශාභිමුඛව දළදා වීදියෙන් පෙරහර පිටත්වී ඩී.එස්. සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ, රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 22 වන දින, ඉරු දින රාත්‍රි 7 පසුවී විනාඩි 26 ට දකුණු බටහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ.එල්.සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 23 වන දින ,සඳු දින රාත්‍රි 7 පසුවී විනාඩි 22 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 24 වන දින, කුජ දින රාත්‍රි 7 පසුවී විනාඩි 38ට නැඟෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

දියකැපුම් පෙරහර

2010 අගෝස්තු මස 25 වන දින බුද දින අලුයම නැඟෙනහිර දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්දේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීමද

දවල් පෙරහර

2010 අගෝස්තු මස 25 වන දින බුද දින දවල් උතුරු දිශාභිමුඛ ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දෙ වීදිය (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදියේ) මන්සන්ධියට පැමිණ එදින සවස උතුරු දිශාභිමුඛව (ආදාහන මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙහි පෙරහර කැටුව, ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාර ඔස්සේ දේව වීදියෙන්, රජවීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට සවස ගෙවදීම ශුභ වේ.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]