Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 24 කොටස

සහස්‍ර වග්ගය

(100) සහස්සම පි චෙ වාචා අනත්ථ පද සංහිතා
එකං අත්ථ පදං සෙය්‍යො යං සුත්වා උපසම්මති

පලක් නැති වන වචන දහසකුදු පලක් නැත. පලක් ඇති

එකම එක වචනය ද අගනේ ය...

හිතවතුනි, පලක් නැති වචන නොකියනු මැනවි. එවිට ඔබ නිසැ

කවම වැදගතකු වන්නේ.... ය.....

(101) සහස්සම පි චෙ ගාථා අනත්ථ පද සංහිතා
එකං ගාථා පදං සෙය්‍යො යං සුත්වා උපසම්මතී

පලක් නැති දේශනා, දහසකුත් පලක් නැත. පලක් ඇති එක ම

එක දේශනාව ද වටී....

හිතවතුනි, යහපතක්, වන දෙයක් පවසන්න. එවිට ඔබ නිසැක

වම දෙලොව ජය ලබනු ඇත.

(102) යො චෙ ගාථාසතං භාසේ අනත්ථ පද සංහිතා
ඒක ධම්මපදං සෙය්‍යො යං සුත්වා උපසම්මති

පලක් නැති දේශනා, සියක් වුව පලක් නැත. පලක් ඇති දේශනා

එකක් වුව අගනේ... ය...

හිතවතුනි, යහපතක් වන දේ ම පවසන්න. එවිට ඔබ හැම දෙනා

අතර පිළිගැනෙනු ඇත.

(103) යො සහස්සං සහස්සෙන සංගාමේ මානුසෙ ජිනෙ,
ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාමජුත්තමො

මහ සටන් දහසකින් ලබන ජයකට වඩා, කෙලෙස් පැරදවීමෙන්

ලබන ජය අගනේ.... ය....

හිතවතුනි, ටිකෙන් ටික කෙලෙස් අඩු කරගන්න. ඔබ උතුම්

කෙනෙකු ලෙස ලොවින් පුද ලබනු ඇත.

මතු සම්බන්ධයි

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.