UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ භික්‍ෂූන් වහන්සේ සඳහා වස් විසීමේ නිවේදනය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි භික්‍ෂූන්වහන්සේ සඳහා වස් විසීමේ නිවේදනය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන් විසින් නිකුත් කර ඇත. ඒ අනුව එම නිවේදනය මෙසේ ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික සියලු සබ්‍රහ්මසරුන් වහන්සේ වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි. වර්ෂ 2010 ක් වූ ජූලි මස 25 වන දින පොහෝ කොට 26 වන සඳු දින පෙර වස් විසිය යුතු ය. පසු වස් විසීම 2010 ක් අගෝස්තු මස 24 වන අඟහරුවාදා පොහොය කොට 25 වන බදාදා පසුවස් විසිය යුතු ය. වස් පවාරණය 2010 ක් වූ ඔක්තෝම්බර් මස 22 වන සිකුරාදා පෙරවස් පවාරණය කළ යුතු ය. 2010 ක් වූ නොවැම්බර් මස 22 වැනි සෙනසුරාදා පසුවස් පවාරණය කළ යුතුයැයි එහි සඳහන් වේ.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]