UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යුදඟනාවේ ඇසළ මහා පෙරහර

ඌව - වෙල්ලස්සේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන අතර වාස්තු විද්‍යාත්මක දායාදයක් වූ යුදඟනා චෛත්‍යයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. බුත්තල නගරයේ සිට කි.මී. 2 ක් පමණ නුදුරින් පිහිටි යුදඟනා පුදබිම තුළ පිහිටි මෙම චෛත්‍යය වූ කලී ලක්දිව දක්නට ලැබෙන සුවිසල් දාගැබ් කිහිපයෙන් එකක් වන අතර දැනට ඌව පළාතේ ඇති එකම විශාල චෛත්‍යය ද වෙයි.

යුදඟනා පුද බිම ආශි‍්‍රතව සිදු වූ යුදඟනා ඇසළ මහා පෙරහරෙහි ප්‍රභවය මෙයට සියවස් තුනක් පමණ අතීතයට දිව යයි. යුදඟනා රාජමහා විහාරය කේන්ද්‍රකර ගනිමින් ඌව වෙල්ලස්සේ ප්‍රෞඩ අභිමානය මනාව නිරූපණය වන පරිදි එවක මෙම පෙරහර වීථි සංචාරය කොට තිබේ. මේ සඳහා ඌව වෙල්ලස්ස ප්‍රදේශවාසී සෑම ජන කොටසකගේම සහභාගිත්වය නොමඳව ලැබී තිබේ. මෙසේ පුරාතනයේ දී මහත් හරසරින් පවත්වා ඇති මෙම යුදඟනා ඇසළ මහා පෙරහර මෑත කාලීනව ක්‍රමයෙන් අභාවයට ගොස් තිබේ. මෙයට නව ජීවයක් ගෙන දෙමින් නැවත 2002 දී යුදඟනා ඇසළ මහා පෙරහර ආරම්භ කිරීම යුදඟනා පුදබිම් ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් හිමිවන අවස්ථාවකි. මෙවර යුදඟනා ඇසළ මහා පෙරහරද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ පෞද්ගලිකවම යුදඟනා රාජමහා විහාරයේ සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමුකොට මෙකී ශාසනික හා සංස්කෘතික කාර්ය භාරයන් කෙරෙහි දක්වන අනුශාසකත්වය විහාරස්ථානයේ දියුණුවට ප්‍රබල පිටුවහලක් වී තිබේ.

යුදඟනා රාජමහා විහාරාධිපති, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ ශ්‍රී චන්දජෝති නාහිමියන්ගේ හා විහාරාධිකාරි හා භාරකාර, බෞද්ධ කටයුතු සමායෝජක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි අතිගරු ජනාධිපතිතුමන්ගේ කාරුණික නියමය පරිදි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ , කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය , ඒ.පී. ජගත් පුෂ්පකුමාර, මොණරාගල මහ දිසාපති මිහිඳු කුලසූරිය, බුත්තල ප්‍රාදේශීය ලේකම් ජී.යූ.කේ. අල්ගෙවත්තගේ, බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති දමයන්ත දොලේවත්ත, හිටපු සභාපති ඩබ්.එච්.එම්. ධර්මසේන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්. සිරිවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනතාවගේ අනුග්‍රාහකත්වයෙන් මෙවර පෙරහර සංවිධානය කොට තිබේ. මොණරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ හා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් මෙම පෙරහර සඳහා ලැබෙන අනුග්‍රහය ද වෙසෙසි තැනක් ගනියි. මූලික කටයුතු මෙහෙයවීම යුදඟනා රාජමහා විහාර දායක සභාව, යුදඟනා සහයෝගිතා බෞද්ධ පදනම, යුදඟනා පෙරහර කමිටුව, යුදඟනා තරුණ බෞද්ධ සංගමය හා ශ්‍රී ධර්මෝදය දහම් පාසල මගින් සිදු කෙරේ.

ජූලි මස 28 වැනි දින රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා සත්දින බෝධි පූජාව ආරම්භ කෙරෙන අතර ජූලි 29 රාත්‍රී 7.45 ට ඇතුල් පෙරහරද, 30 රාත්‍රී 8.32 ට මහ පෙරහර ද, 31 රාත්‍රී 8.37 ට අවසන් මහා පෙරහර ද, අගෝස්තු 01 අළුයම 6.30 ට මහාදේව දානය ද පැවැත්වීමෙන් පසු උළෙල නිමාවට පත් වෙයි. - ඌරුගමුවේ අස්සජි හිමි

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]