UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ස්මාරකය යුගයේ අවශ්‍යතාවයකි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමි.

බුදුසමය රැකගැනීමේදී හා සාන්දෘෂ්ටික ධර්මයක් ලෙස ලෝක ව්‍යාප්ත කිරීමේදී ඒ ඒ යුග වලදී ඒ සඳහා අවශ්‍ය පුද්ගලයන් හා ව්‍යාපෘති ලොව පහල විය.

බුද්ධ පරිනිර්වානයත් සමගම උදාවූයේ ත්‍රිපිටක බුද්ධ වචනය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයයි. ඒ යුග අවශ්‍යතාවය සඳහා අජාසත්ත රජු හා මහා කාශ්‍යප, ආනන්ද ආදී ශ්‍රාවකයෝ පෙනී සිටියහ.

බුද්ධ පරිනිර්වානයෙන් වසර සියයක් ඉකුත් වෙද්දී විනය පිළිබඳ මතභේද උග්‍රවිය. (දශවස්තු) ඒ මතභේද දූරිභූතකොට පර්යාප්තිය රැකගැනීම යුගයේ අවශ්‍යතාවය විය. ඒ අවශ්‍යතාවය පිරිමසාලන්නට බුදුන් විසින් මුල් අවධියේම පැවිදි වූ යස ස්ථවිර, සබ්බකාමී ස්ථවිර හා කාලාශෝක රජු ද පෙනී සිටියහ.

බුද්ධ පරිනිර්වානයෙන් වසර දෙසිය තිස් හයක් ඉකුත් වෙද්දී සම්බුදු සමය පරිහාණියට පත් විය. එමෙන්ම ලෝකයට බුදුදහම ව්‍යාප්ත කරලීමේ අවශ්‍යතාවය මතුවිය. මේ අවශ්‍යතාවන් පිරිමසාලන්නේ බඹලොවින් පැමිණි මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් හා ධර්මාශෝක රජුය. ඒ යුග අවශ්‍යතාවයට පොහෝනා යුග පුුරුෂයෝ පහළ වූහ. ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත සේවාවට උර දෙන්නට මිහිඳු හිමියන් වැනි රහත් තෙරවරු එකතු වූහ. ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත මෙහෙවර සමාජ ගැටුම් වලින් ඔද්දල් වී සිටි යුගයක අවශ්‍යතාවය විය. ශ්‍රී ලංකාවේදී ඒ අවශ්‍යතාවය සපුරාලන්නට නිසි යුග පුරුෂයාණෝ දේවානම් පියතිස්ස නම් යුග පුරුෂයා සමුවූහ.

ලංකාවට ගෙන ආ බුදු දහම යුද කෝලාහල, දුර්භික්ෂ ආදිය නිසා විනාශ වන්නට තිබුණු ඉඩකඩ අපේ හාමුදුරුවරු එකතු වී පුස්කොළ පොත්වල ලියා අනාගත පරපුරට රැකදුන්හ. ඒ ඒ යුගයේ අවශ්‍යතාවයයි.

මේ අන්දමට රජවරු සිටුවරු ආධාර කර ගනිමින් අපේ පැරණි හාමුදුරුවරු ජීවිත පරදුවට තබා ඒ ඒ යුග අවශ්‍යතා පිරිමැසූහ. මේ මහ පොලොව මත එයට සුදුස්සෙකු නොසිටියේනම් දෙව්ලොව බඹලොව පීරාගොස් ඒ යුග පුරුෂයන් සොයා ගත්හ. නාගසේන දෙවලොවෙනුත් මොග්ගලීපුත්ත තිස්ස බඹ ලොවිනුත් කැඳවා ගත් යුග පුරුෂයෝය. මිළිදු නාගසේන සංවාදය ද යුග මෙහෙවරකි.

වර්තමාන ගෝලීය යුගයේ අවශ්‍යතාවය කවරේද? ලොවෙහි අද පවත්නා ආගම් ජනතාව තුලින් වියැකී ගොස් බුදුදහම පමණක් අනාගතයේ ලෝකවාසී ජනයා විසින් වැළඳ ගන්නා බව මහා විද්‍යාඥයෙකු වූ ආතර් සී ක්ලාක් ලියා ඇත. එදාට ලොවට අවශ්‍ය බුදු දහම පිරිනැමිය යුත්තේ ලංකාවෙනි. අනාගත ලෝකය යදින්නේ ථෙරවාදී බුදු දහම බැවිනි. ඒ යුග අවශ්‍යතාවය පිරිමැසීමට බුදු දහම පර්යේෂණයට, බුදු දහම සංවාදයට, ආයතනයක් තිබිය යුතුය. බුදු දහම ජාත්‍යන්තර භාෂාවන්ට පරිවර්තනය වී තිබිය යුතුය.

කිරම විමලජෝති හිමියන්ගේ මෙහෙයවීමෙන් ඉදිකෙරෙන ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය ඒ අනාගත යුග අවශ්‍යතාවය ඉටුකෙරෙන ලෝක පූජිත මහමැදුර වන්නේය. ඉහත සඳහන් සියලු පහසුකම් හා සකලාංගයන්ගෙන් ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය යුක්ත වන බව එහි සැලැස්ම පිරික්සා බැලීමෙන් අපට පැහැදිලි විය. ඒ ආයතනය සඳහා යොදවන මුදල, කරන පරිත්‍යාගය, සම්මාදම් වන දායකත්වය අපතේ යන්නක් නොව යුගයේ අවශ්‍යතාවය සපුරාලන්නක් බව ඉඳුරාම පවසා සිටිමු.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]