UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි ගුණ සමරු උළෙල

මෑත භාගයේ ශ්‍රී ලංකාවේ වැඩ සිටි විශිෂ්ටතම මහා යතිවරයෙකු වන අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත , මහාචාර්ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් අපවත් වී මෙම ජූලි මස 18 වන දාට වර්ෂ 12 ක් සම්පූර්ණ වේ.

ඒ නිමිත්තෙන් “ ආධ්‍යාත්මික මිතුරෝ “ සංවිධානය විසින් මෙහෙයවන “බළන්ගොඩ මහනාහිමි 12 වන ගුණ සමරු උළෙල ‘ජූලි මස 22 වනදා ප.ව. 3.00 ට කොළඹ 7 , නිදහස් චතුරශ්‍රයේ , ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මහ නාහිමියන්ගේ දිනපොත් විචාරාත්මකව හදාරමින්, විශිෂ්ටයන්ගේ දිනපොත් පළකිරීමේ ලෝක සම්ප්‍රදාය අනුව යමින් සමුද්‍ර වෙත්තසිංහ විසින් සම්පාදිත “ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ දින සටහන් සහ Unpublished Letters of Ananda Maitreya Maha Nayake Thera  කෘති යුගල දොරට වැඩුමද මෙදින සිදු කෙරේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මුලසුන හොබවන මේ උළෙලෙහි දී කෝට්ටේ නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ සහ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්තී මහ නාහිමියෝ විශේෂ සමරු දෙසුම් පවත්වති. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර පෙරවදන සපයන අතර, සුනිල් එදිරිසිංහ , දයාන් විතාරණ, ඩබ්ලිව්.ඩී.ආරියසිංහ , සන්ධ්‍යා බුලත්සිංහල සමරු ගායනාවලින් එක්වෙති. බළන්ගොඩ මහ නාහිමි සමරු රචනා තරගයේ ත්‍යාග ප්‍රදානය ද එහි දී සිදුකිරීමට නියමිතය. මහජන බැංකුව හා නුගේගොඩ සරසවි ප්‍රකාශකයෝ මේ උළෙලට අනුග්‍රාහක දායකත්වය සපයති.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]