Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරම රතනජෝති හිමියෝ අධි සිල් ලබති

බොරලැස්ගමුව ශ්‍රී රත්නාරාමාධිපති ඕකේවෙල වජිරවංශ හිමියන්ගේ ශිෂ්‍ය නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ අධ්‍යාපනය ලබන කිරම රතනජෝති හිමියන් මෙම 16 වන දා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වන උපසම්පදා විනය කර්ම පුණ්‍ය මහෝත්සවයේදී අනුරාධපුර මල්වතුඔය උදකුක්ඛෙප සීමාමාලකයේ දී අධිසිල් ලැබීමට නියමිතය. ඒ හිමියන් කිරම පදිංචි ප්‍රේමචන්ද්‍ර වීරසිංහ සහ ගුනේන්ද්‍ර විජේනායක දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ. උන්වහන්සේ මෙම 24 වන දා බොරලැස්ගමු රතනාරාමයට, පෙරහරෙන් වැඩම කැරෙන අතර මංගල දම් දෙසුම එදින රාත්‍රී 7 ට පැවැත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.