UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී බුද්ධ වර්ෂ 2554 වන රාජ්‍ය වෙසක් උත්සවය මහියංගණය රාජ මහා විහාරස්ථානයේ දී 24 වන දා

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන රාජ්‍ය වෙසක් උත්සවය මෙවර ඓතිහාසික මහියංගණය රාජ මහා විහාරස්ථානයේදී 2010 මැයි මස 24 වන දින දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

බුදු සිරිතට සබැදි අසිරිමත් බුණ්‍ය භූමි

මුළු තුන් ලෝකයම අපිරිමිත බොදු බැතියෙන් නහවමින්, ධර්මාලෝකයෙන් ආලෝකවත් කරමින්, බොදුනුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පහන් කරමින් වසරකට වරක් උදාවන වෙසක් පුන් පොහෝ දිනය තව දින කීපයකින් උදාවෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි අසිරිමත් තෙමඟුල සිදුවූයේ එවන් ඓතිහාසික දිනකය. එනම් උන් වහන්සේ සකල ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් මෙලොව පහල වූයේද, බුද්ධගයාවේදී සදාකාලික සැනසුම් මග හෙවත් ලොව්තුරා බුද්ධත්වය අවබෝධ කළේද, පන්සාලිස් වසක් බුදු කිස නිමවා කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයනේදී පිරිනිවන් පෑ වදාළේද වෙසක් පුන් පොහෝ දිනකයි. එම උතුම් සම්බුදු තෙමඟුල නිමිතිකොට ගෙන සමස්ත ලෝකවාසි බොදු ජනතාවම ආමිෂ පූජා සහ ප්‍රතිපත්ති පූජා යන දෙවිධියෙන්ම උන් වහන්සේගේ ගුණ සාගරය සිහිපත් කොට පුද පූජා පවත්වති. ගෞරව දක්වති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

‘අනුන් ගැන නො සොයමු’

ජීවිත අවබෝධය ලද තැනැත්තා කිසිවිටකත් අනුන්ගේම ගුණ දොස් සොයමින් ලතවන්නේ නැත. විවේචනය කරමින් කාලය විනාශ කරන්නේ නැත. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ නැත. ජීවිත අවබෝධය ලත් උතුමන් සිතන්නේ උපේක්‍ෂා සහගතව යි. එබඳු උතුමෝ මෙලොව ජය ලබති. පරලොව ශාන්තිය ද උදා කර ගනිති.

ඉතිරිය»

සමණබැද්ද ගනේගොඩ රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  හංවැල්ල සමණබැද්ද පුරාණ රජමහා විහාරය ක්‍රි.ව. 01 වන සියවසට හෝ එයටත් එපිට කාලයකට අයත් විහාරස්ථානයක් බව සැලකෙයි. මෙහි, 01 වන සියවසට අයත් ‘පර්වත ලිපියක්’ අද ද දැක ගැනීමට හැකි ය. අද මුල් පිටුව සැරසෙන්නේ, එම ඓතිහාසික විහාරස්ථානයේ මෑතක දී නිර්මාණය කැරුණු බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය -ජනක වෙත්තසිංහ

ශුද්ධ වෙසක් පුර අටවක

ශුද්ධ වෙසක් පුර අටවක පෝය මැයි මස 20 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 06.18 ට ලබයි.
21 වන දා සිකුරාදා අපර භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 21 වන දා සිකුරාදාය.

 මීළඟ පෝය
මැයි මස 27 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]