UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොව වටා පින්කම් මාලාවක් බෙල්ලන්විල රජමහා විහාරයේ දී ඇරැඹේ


රාජ්‍ය සම්මාන දිනූ විද්‍යා ලේඛකයෙකු හා තාරකා විද්‍යාඥයෙකු වන අනුර සී. පෙරේරා මහතා විසින් මුළු ලොවේම ආශීර්වාදය තම මව්බිම කරා යොමුකර වීමටත්, එමෙන්ම තෙමසකට පෙර අභාවප්‍රාප්ත ආදරණීය බිරිය වූ චන්ද්‍රා (ඉන්දු) පෙරේරා මහත්මියට පින් පැමිණවීම පිණිසත්, ලෝකය පුරා රටවල් රැසක බෞද්ධ සිද්ධස්ථාන සියයකට පූජා කිරීම සඳහා සකස් කළ ‘දහම් පඬුරු’ සියයේ පළමුවැන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් විසින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා වෙත භාරදුන් අවස්ථාවයි මේ.

ඉතිරිය»

භාරතීය ශ්‍රමණ සම්ප්‍රදාය සහ ෂට් ශාස්තෘවරු

ක්‍රි.පූ. 6 - 7 ශත වර්ෂයේ දී භාරතයේ නව පිබිදීමක් ලැබූ සම්ප්‍රදායක් ලෙස ශ්‍රමණ සම්ප්‍රදාය හැඳින්විය හැකිය. ‘ශ්‍රමණ’ යනු යහ සම්ප්‍රදායේ උත්සාහ දරන්නා, පරිශ්‍රමයේ යෙදෙන්නා යනුවෙන් අර්ථ දක්වා ඇත. එම සම්ප්‍රදායේ මුඛ්‍ය පරමාර්ථය වූයේ අධ්‍යාත්මික ප්‍රබෝධය ළඟා කර ගැනීමය. මේ නිසාම ශ්‍රමණයෝ ලෞකික සැප සම්පතට වඩා අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දී සිය සම්ප්‍රදාය පවත්වාගෙන ගිය හ. එකල භාරතය පුරා පැතිරී තිබූ බ්‍රාහ්මණ සම්ප්‍රදාය නිසා සිදු වූ ආගමික ඒකාධිකාරයට විරුද්ධව ක්‍රියාත්මක වීම මෙහි විශේෂ ලක්ෂණයකි. ලෞකික පූජාවන්ට මුල්තැන දෙමින් දැඩි නීතිරීති පැනවීම තුළින් තම ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ක්‍රියාත්මක වූ බ්‍රාහ්මණ සම්ප්‍රදායට මෙය තදබල ලෙස බලපෑවේය. තාපස චර්යාවන් ද යෝග භාවනා විෂයෙහි කැපවීම ද ශ්‍රමණ සම්ප්‍රදායට උරුම වූවක් විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැප ගෙන දෙන මෙත් සිත

මෛත්‍රී සිතක් පහළ කර ගැනීම කෙනෙකුට කළ හැකි නම් එහි ආනිශංස රැසක් තියනවා. මෙත්තානිසංස සූත්‍රයේ ඒ බැව් දක්වා තිබෙනවා. එදිනෙදා ජීවිතයේ කටයුතු පවා හොඳීන් කර ගෙන යෑමට , ශරීරයේ පැහැපත් බව වැඩිවීමට මෙත් වැඩීම උපකාරී වෙනවා. අනුන් රැවටීමෙන් හෝ මුළා කිරීම වැනි කපටි සිතිවිලි ඇතිව මෛත්‍රිය තිබෙන මෙන් ඇඟ වීමෙන් වන හානිය විශාලයි. ඒ නිසා හැම කෙනෙක්ම හැකි පමණින් මෙත් සිතිවිලි උපදවා ගෙන කටයුතු කළොත්, දෙලොවම යහපත් කර ගැනීමට හැකි වෙනවා.

ඉතිරිය»

 

කැලණිය රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ දී තෙවන වරට ලක්දිවට වැඩම කළ ස්ථානය කැලණියයි. බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කැලණි රජ මහා විහාර භූමියේ 19 වන සියවසේ දී ඉදි කර ඇති බුද්ධ මන්දිරය, මෑත යුගයේ විහාරස්ථාන අතර දක්නට ලැබෙන සුවිශේෂ ආකර්ෂණීය ඉදි කිරීමකි. අද මුල් පිටුව සැරසෙන්නේ එම බුදු මැඳුරේ ඇතුළත දර්ශනයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

අධි වෙසක් පුර අටවක

අධි වෙසක් පුර අටවක අප්‍රේල් 21 වන දා අපර භාග 12.46 ට ලබයි.
22 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 21 වන දා බදාදා ය.

 මීළඟ පෝය
අප්‍රේල් 28 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]