කැලණියේ දුරුතු පූජෝත්සවයට
දිනපතා දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා
විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ
අනුශාසනා පරිදි ඉකුත් 21 වනදා සිට ඇරැඹුනු ධර්ම දේශනා මාලාව 2010
ජනවාරි 21 වනදා දක්වා දිනපතා රාත්‍රී 7-8 දක්වා පැවැත්වේ.
ජනවාරි 22 වනදා සිට 25 වනදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාවද ජනවාරි 26
වනදා රාත්‍රි 8.30 උඩමළුවේ පෙරහරද 27 වනදා රාත්‍රී 8.30 ට උඩමළුවේ දෙවන
වීථි පෙරහරද පැවැත්වේ. ජනවාරි 28 වනදා රාත්‍රි 8.30 ට මහ පෙරහර
පැවැත්වේ.
ඒ අනුව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ දී මෙම උඳුවප් පෝදා පෙරවරු 9-10
දහම් දෙසුම දැදිගම තිලකවංස හිමියන් විසින්ද සවස 3-4 දහම් දෙසුම හබරකඩ
සුමනසාර හිමියන් විසින්ද රාත්‍රි 7-8 දහම් දෙසුම වැහිගල කස්සප හිමියන්
විසින්ද 2 වනදා රාත්‍රි 7-8 පානකාවේ පේමරතන නාහිමි 3 වනදා ආචාර්ය
රාජකීය පණ්ඩිත ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 4 වනදා උඩුවේ ධම්මාලෝක හිමි 5
වනදා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පිටිගල විජිත හිමි 6 වනදා ගලිගමුවේ
ඤානදීප හිමි 7 වනදා ශාස්ත්‍රපති පණ්ඩිත මල්වානේ චන්දරතන හිමි 8 වනදා
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි එම දම් දෙසුම් පවත්වති. |