හෙළ බොදු හදවත
පුබුදු කළ
දුමින්දාගමනය
විශ්‍රාමික නියෝජ්‍ය
අධ්‍යාපන අධ්යක්ෂ
මතුගම ධර්ම සෙන්දනායක
බෝධි පූජාව මහත් ආනිශංස දායක පුණ්‍ය කර්මයකි. සියලුම බුදුවරුන් වහන්සේ
චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ ජය ශ්‍රී මහා
බෝධි මූලයේදී ය. එම බෝධීන් වහන්සේගෙන් පැවත ගෙන එන සියලුම බෝධීන්
වහන්සේටත්, මෙම බෝධීන් වහන්සේටත් මම නමස්කාර කරමි, පූජා පවත්වමි යන
පිරිසුදු අදහසින් අවබෝධයෙන් යුතුව බෝධි පූජාව සිදු කිරීමෙන් පමණකි ඤාණ
සම්ප්‍රයුක්ත කුසලයක් සිදුවන්නේ.
තෙවන ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක රජතුමා විසින් කරන ලද ධර්ම දූත
සේවයේ ප්‍රතිඵලයක් වශයෙන් මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බුදුදහම ලබා
දීමට පෙර ලක්දිව පැතිරී තිබුණු ඇදහීම් හා විශ්වාස අතර වෘක්ෂ වන්දනාවට
විශේෂ තැනක් ලැබිණි.
යම් යම් ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාවෙන් කරන ලද එම වෘක්ෂ වන්දනාව ලක්දිව
පමණක් නොව දඹදිව ද ගෞතම බුදුන් වහන්සේ ලොව පහළ වන සමයේදීත් පැවැති බව
සුජාතා දේවියගේ කිරිපිඬු පූජාවෙන් හෙළිවේ. කෙසේ වෙතත් ලක්දිව පැවැති
වෘක්ෂ වන්දනාව බුදුරජාණන් වහන්සේ ගේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම මෙනෙහි
කරන නිවන් මග සාක්ෂාත් කර ගැනීමට ඉවහල් වන ආමිස පූජාවක් බවට පත්කොට
අර්ථවත් කිරීමට මහින්දාගමනයෙන් අනතුරුව වූ දුමින්දා ගමනය හේතු වූ බව
නොරහසකි.
මහින්දාගමනයත්, දුමින්දාගමනයත් ලක්දිව ආලෝකවත් කළ ආලෝක කදම්බයන් බව කිව
යුතුමයි. ධර්මාශෝක රජතුමා රටවල් 9යකට ධර්මදූත කණ්ඩායම් යැවීමේදී
ලක්දිවට එවන ලද්දේ තමාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ වීම සුවිශේෂී
සිදුවීමකි.
බුදු දහමේ පණිවුඩය ලැබීමත් සමඟ රටේ රජතුමා ඇතුළු රජ පවුලේ ප්‍රභූන්
පමණක් නොව සාමාන්‍ය ජනතාව ද විශාල වශයෙන් බුදු දහමට නැඹුරුව ශාන්තිය
ලැබූ බව ශාසන ඉතිහාසයෙන් පැහැදිළි වේ. එපමණක් නොව ලක්දිව වැසියන්ගේ
වෘක්ෂ වන්දනාව වඩාත් අර්ථවත් වන්දනාවක් බවට හැරවීම සඳහා ඉවහල් වූ
දුමින්දාගමනය (දුමිඳු යනු බෝධියට නමකි) සඳහා තෝරා ගත්තේ ද තම ආදරණීය
දියණිය වීමද විශේෂි සිදුවීමකි. දුමින්දාගමනයත් සමඟ එතෙක් පැවැති විවිධ
ඇදහීම් යටපත් කිරීමට බෝධි සංස්කෘතිය සමත් විය. නව දහම පිළිගැනීමට ජනතාව
කැමැත්තක් දැක්වූ අතර බෝධි සංස්කෘතියටද නැඹුරු වූහ. එපමණක් නොව බෝධියේ
ආරක්ෂාව සඳහා පැමිණි කුල ශ්‍රේණි නිසා ලක්දිව ආර්ථිකයට ද ඉමහත් බලපෑමක්
ඇති කෙරිණි. ජනතාවගේ එදිනෙදා ජීවිතයේ කටයුතු වලටද ඒ බලපෑම ඇති විය. ඒ
නිසාම පුද්ගල නාමවලටද බුද්ධදාස, ධර්මදාස, ධර්මපාල, සංඝදාස, බෝධිපාල,
සංඝබෝධි, අග්‍රබෝධි ආදී නම් එක්විය. මහින්දා ගමනයෙන් පසු ජන විඤ්ඤාණයේ
මහත් පෙරළියක් ඇති විය.
එවන් උත්තරීතර තත්ත්වයකට පත් වූ බෝධි පූජාවේ ආරම්භය සංඝමිත්තා මෙහෙණින්
වහන්සේ විසින් දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට
වැඩම කොට අනුරාධපුර මහමෙවුනා උයනේදී රෝපණය කිරීමෙන් සිදුවිය. එසේ රෝපණය
කළ බෝධියෙන් එක් රැයකදී මතු වූ පැළ යොදුනෙන් යොදුන රෝපණය කොට ජනතාවට
වන්දනාමාන කිරීමට සැලැස්වීමෙන් අතිවිශාල පෙරළියක් ඇතිවිය. බෝධියෙන් මතු
වූ මුල්ම පැළ 8ක් ස්ථාන 8 ක රෝපණය කරන ලදී. ඒවා අෂ්ටඵල බෝධි නමින්
ප්‍රකටය.
1. දඹුලුතොට (දඹකොල පටුන)
2. තන්තිරිමලේ (තිවක්ක බමුණුගම)
3. ථූපාරාමය
4. ඉසුරුමුනිය (කසුන්ගිරි වෙහෙර)
5. පඨමක චේතිය (නිවන්තක චේතිය)
6. සෑගිරිය
7. කතරගම
8. සඳුන්ගම (රෝහණ ජනපදය)
අනතුරුව මුල් බෝධියෙන් පැන නැගුන පැළ 32 ක් ලක්දිව පුරා ස්ථාන 32ක
රෝපණය කරන ලදී. ඒවා දෙතිස්ඵල බෝධි නමින් හඳුන්වයි.
මල් වැස්සා වෙහෙර, මහා ජල්ලිකගම, පොලොන්නරුව, මාගම, මහියංගනය,
මුතියංගනය, සිතුල්පව්ව, වැලිගම් වෙහෙර, මැද්දේගම, පුසුල්පිටිය,
බෙලිගල්ල, වට්ටාරම, රැස්සේරුව, ගිරිබාවෙහෙර, කසාගල, කොට්ටියාරාම, මාතලේ
රුසීගම, විල්වල, විල්ගම් වෙහෙර, හක්පෝරුව, වනවාසය, පරගොඩ, ගනේගම,,
වතුරව, පැපිලියාන, බෙල්ලන්විල, වඳුරව, සුළුගල්ල, කටියාව, යාපහුව,
රත්ගල් වෙහෙර, බද්දේගම.
යම් යම් සතුරු කරදර නිසා මේ අතරින් බොහෝ බෝධි වෘක්ෂයන් අද දක්නට
නොලැබීම කනගාටුවට කරුණකි. සියවස් 25 කටත් පෙර රෝපණය කරන ලද බෝධි
වෘක්ෂයන් බොහෝ ගණනක් අද දක්වාත් නිරුපද්‍රිතව බෞද්ධ ජනතාවගේ නොමඳ
ගෞරවයට ලක්වී ඇත.
බෝධි පූජාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළහැකි උසස්ම පූජාවකි. ගෞතම
බුදුරජාණන් වහන්සේ ලැබීමට උපකාර වූ බෝධි වෘක්ෂය සිදුහත් කුමරාගේ උපත
සිදුවූ දිනම පහළවූවකි. සියලුම බුදුවරුන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට
උපකාරි වන බෝධි වෘක්ෂය උන්වහන්සේ ගේ උපත සමඟම පහළ වන බව අපදාන පාලියේ
සඳහන් වේ. ‘බෝධිය’ යනු අවබෝධයයි.
බුද්ධත්වය අවබෝධ කර ගැනීමට ඉවහල් වන අරුතින් බෝගස නමින් හැඳින්වුවද,
ගෞතම බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් වෘක්ෂය, ‘ඇසතු’ හෙවත් ‘අස්වස්ථ’
නමින් හඳුන්වයි. ‘බෝ ‘ ගස යන්න බුදුවරුන් වහන්සේලා පිට දුන් සියලුම
වෘක්ෂ වලටද ව්‍යවහාර කළ හැකිය. බෝධි පූජාව මහත් ආනිශංස දායක පුණ්‍ය
කර්මයකි. සියලුම බුදුවරුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සම්මා
සම්බුද්ධත්වයට පත්වූයේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ය. එම බෝධීන්
වහන්සේගෙන් පැවත ගෙන එන සියලුම බෝධීන් වහන්සේටත්, මෙම බෝධීන් වහන්සේටත්
මම නමස්කාර කරමි, පූජා පවත්වමි යන පිරිසුදු අදහසින් අවබෝධයෙන් යුතුව
බෝධි පූජාව සිදු කිරීමෙන් පමණකි ඤාණ සම්ප්‍රයුක්ත කුසලයක් සිදුවන්නේ.
එසේ නොමැතිව ඡ්‍යොතිෂකරුගේ කීම නිසා ග්‍රහ අපල දුරු කර ගැනීමට බුදුන්
වහන්සේ බුද්ධත්වය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව කරන්නන් වාලේ කරනු
ලබන බෝධි පූජාවෙන් සිදු වන්නේ ඤණ විප්පයුක්ත කුසලයකි. එයින් අහේතුක හෝ
ද්විහේතුක ප්‍රතිසන්ධියක් ලැබීමට ඉඩ ඇත. වර්තමානයේ බොහෝ විට කරනු ලබන
බෝධි පූජාව අර්ථවත්, බෝධි පූජාවක් නොවන බව නම් කිව යුතුමය. දරුඵල
ලැබීමට නඩුහබ ජය ගැනීමට විභාග සමත්වීමට බෝධි පූජා පැවැත්වීම බුදුදහමට
එකඟ නොවේ.
බෝධි පූජාව සිදු කිරීමට පෙර, බෝධිය අවට පිරිසුදු කොට, බෝධිය නාවා
අවබෝධයෙන්ම බෝධි පූජාව සිදුකළ යුතුය. මුළු කාලයම අයහපත් ක්‍රියාවන්
කරමින්, පවටම ගැලී සිටිමින් ග්‍රහ අපල දුරු කර ගැනීමටත්, ලෙඩදුක් සුවකර
ගැනීමටත් පමණක් කරනු ලබන අර්ථවත් බෝධි පූජාවක් නොවේ. යටත් පිරිසෙයින්
පන්සිල්වත් රකිමින්, බෞද්ධ ප්‍රතිපත්ති අනුව ජීවත්වෙමින්, බුදුරජාණන්
වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී බුද්ධත්වයට පත්වීම මෙනෙහි කිරීම මහත්
කුසල කර්මයකි. දුමින්දා ගමනයෙන් අපේක්ෂා කරන ලද්දේ එයයි. බෝධීන්
වහන්සේගේ අතුවල සතුන්ගේ රූප හා වෙනත් එවැනි කොඩි එල්ලීමද බෝධීන්
වහන්සේට කෙරෙන නිග්‍රහයකි. එබැවින් මෝස්තරයක් ලෙස වර්තමානයේ බෝධිපූජා
පවත්වන අය මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම වඩාත් ප්‍රඥා ගෝචර වනු
ඇත. |