UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා පරිනිර්වාණ විශේෂ චාරිකා සේවාව - බුද්ධ චරිතය හා බුද්ධ ශාසනය සමග බැඳුණු පූජනීය ස්ථාන වන බුද්ධගයාව, නාලන්දාවේ රාජ්ගිර්, බරණැස , සාරානාතය, කුසිනාරාව, ශ්‍රාවස්තිය හා ලුම්බිණිය වැඳ පූදා ගැනීම සඳහා ඉන්දියාවේ සංචාරක අමාත්‍යාංශය හා ඉන්දියාවේ දුම්රිය සේවාව ඒකාබද්ධව ආරම්භ කර ඇති මහා පරිනිර්වාණ විශේෂ චාරිකා සේවාව ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට ද ලබා දීමට කටයුතු යොදා තිබේ. රටවල් 25 කට අධික සංචාරකයන් වෙනුවෙන් පවත්වා ගෙන යන මේ චාරිකාවට විශේෂ දුම්රිය සේවාවක්, සුඛෝපභෝගී බස් රථ සේවා, මාර්ග උපදේශකයකු ගේ සහය, කෑම බීම සමග හෝටල් පහසුකම් , සෑම සිද්ධස්ථානයක් සඳහාම ප්‍රවේශ පත්‍ර ගාස්තු ආදිය ඇතුළත් සුඛෝපභෝගී සේවා රැසක් ඇතුළත් ය. දින අටක් පුරා (රාත්‍රී 7 ක් ) වන මේ සංචාරයට ඇතුළත් වන්දනා ස්ථාන අතරින් රාත්‍රී තුනක අවමයකට යටත්ව තෝරා ගත් ස්ථාන පමණක් නැරඹීමට ද පුළුවන. ලුම්බිණිය වෙත යෑම සඳහා වීසා ලබා ගැනීමේ සේවාවක්ද සැපයේ.මේ බෞද්ධ සිද්ධස්ථාන වලට අමතරව ටජ්මහල් මන්දිරය නැරඹීමේ අවස්ථාව ද ලැබේ. මේ වසරේ ඔක්තෝබර් 3 , 24 නොවැම්බර් 7,21,30 දෙසැම්බර් 12,26 හා ලබන වසරේ ජනවාරි 9,18,30 පෙබරවාරි 13,22 මාර්තු 6 , 20 යන දිනයන්හි මහා පරිනිබ්බාණ චාරිකා ආරම්භ කිරීමට නියමිත ය. මෙහිදී දේශීය නියෝජිතයා වශයෙන් හේමාස් සමාගම කටයුතු කරයි.

සිත්තම්ගල්ල ඇසළ උළෙල 30 වන දා සිට 6 දක්වා

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ගිරුවාපත්තුවේ , මුල්කිරිගල ආසනයේ, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රම්මල් කඳුවැටිය පාමුල පිහිටි ඓතිහාසික සිත්තම්ගල්ල රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට උපහාර පිණිස පවත්වන ඇසළ පෙරහර උළෙල මෙවර ද 42 වන වරටත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු විධිවිධාන සලසා ඇත

ඉතිරිය»

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය සැප්තැම්බර් 25 වනදා සිකුරාදා අපර භාග 09.18 ට ලබයි.
26 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]