UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සියලු ජාතීන්ගේ සහ ආගමිකයන්ගේ එකමුතුවෙන් රට සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමාට ආධාර වනු පිණිස ස්ථාපිත කෙරෙන ‘මහින්ද රාජපක්‍ෂ’ අරමුදල පිහිටුවීම සංකේතවත් කරමින් මුදල් දැමූ පාත්‍රයක් කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නා හිමියන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වන ලදි.
ජෝර්දානයේ කළ සංචාරයකින් පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ දී පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව ඤාණිස්සර නාහිමියන් විසින් එම පාත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අවස්ථාව ඡායාරූපයෙහි දැක්වේ. ආගමික වතාවත් සඳහා වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගී වූහ.එහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් විසින් රැස්ව සිටි පිරිස පන්සිල්හි පිහිටුවන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් විසින් අනුශාසනාව පැවැත්වූහ. අන්‍යාගමික පූජකතුමන්ද ආගමික වතාවත් ඉටු කරමින් ආශිර්වාද කළහ.
සේයාරුව සුදත් සිල්වා

දකුණු ලක එකලු තළ ජාතික වෙසක් උත්සවය

2553 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මාතර වෙහෙරහේන රාජමහා විහාරය කේන්ද්‍රකොට 2009 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්විණි. ආගමික කටයුතු හා සදාචාරවර්ධන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මීට අනුග්‍රහය දැක්වීය. මැයි මස 5 වනදා සිට 11 වනදා දක්වා වෙසක් කලාපයක් නම්කර මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල 17 තුළ වෙසක් උත්සව මාලාවක් පැවැත්විණි.

ඉතිරිය»

වෙසක් අමාවක පෝය
මැයි මස 23 වනදා සෙනසුරාදා අපර භාග 8.40 ට ලබයි. 24 වන ඉරිදා අපරභාග 5.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 24 වන දා ඉරිදාය.
මී ළඟ පෝය මැයි 31 වනදා ඉරිදාය

පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]